මත්පෙති භාවිතයට තදින් ඇබ්බැහි වී සිටි තරුණයෙකු ඊට අදාළ මත්ද්‍රව්‍ය නොමැති වීමෙන් හටගත් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් කතරගම පූජා භූමියේ පිහිටි ඓතිහාසික බෝධීන් වහන්සේ මතට නැඟ කලහකාරී ලෙස හැසිරී තිබේ.
කැබැල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන මෙම පුද්ගලයා ඊයේ (25) දිනයේදී මෙම විනය විරෝධී ක්‍රියාව සිදු කර ඇත්තේ බෝධි පූජා පවත්වන පූජනීය ස්ථානයක ගෞරවය ද නොතකමිනි.බෝධීන් වහන්සේ මතට නැඟගත් මෙම තරුණයා ඉතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් පෙන්නුම් කරමින් අසැබි වචන ප්‍රකාශ කර ඇති අතර, විවිධ දේ ඉල්ලා කෑකෝ ගසමින් සිට ඇත. මෙම සිදුවීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ කතරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වී ඇති අතර,
ඔහුගේ උපදෙස් මත එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් පිරිසක් මෙම තරුණයා බිමට බස්සවා ගැනීමට කටයුතු කළහ.
ඉතා සූක්ෂම උපාය මාර්ග භාවිතා කරමින් සිවිල් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු බිමට බස්සවා ගනු ලැබුවද, ඉන් පසුව ද මොහුගේ කලහකාරී හැසිරීම පාලනය වී නොතිබුණි. බිමට පැමිණි වහාම ඔහු තමන්ව බේරා ගැනීමට කටයුතු කළ සිවිල් ආරක්ෂක නිලධාරීන්ට ද පහර දීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.
අනතුරුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙම පුද්ගලයාව ඔසවාගෙන ගොස් කතරගම දේවාල භූමියේ පිහිටි පොලිස් මුරපොළ වෙත භාර දීමට පියවර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval