calling-chamika-a-flight-attendant-is-damaging-to-our-professional-reputation-airline-employees-union

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සම්බන්ධ බිළි‍‍ඳාගේ භාරකාරත්වය පිළිබඳ නඩුවකට මැදිව සිටින කාන්තාව ගුවන් සේවිකාවක බවට පළවන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා ගුවන් සේවක සංගමය විසින්  ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කර ඇත්තේ,

අදාළ සිදුවීමට සම්බන්ධ කාන්තාව කිසිදු ගුවන් සමාගමක සේවය කරන 'ගුවන් සේවිකාවක' නොවන බවයි. කෙසේ වෙතත් ඇය ගුවන් නියමුවරියක නොවන බවට ගුවන් නියමුවරුන්ගේ සංගමයක් හෝ වෙනත් සංවිධානයක් ප්‍රතික්ෂේප කර නැත.




එම කාන්තාව ගුවන් සේවිකාවක ලෙස වැරදි ලෙස හඳුනාගැනීම මහජනතාව නොමඟ යවනසුළු මෙන්ම පදනම් විරහිත ක්‍රියාවක් බවත්, ඒ හරහා අසාධාරණ ලෙස තම සාමාජිකයන් අපකීර්තියට පත්වන බවත් එම සංගමය පෙන්වා දෙයි. සත්‍යයෙන් තොර මෙවැනි කරුණු ප්‍රචාරය කිරීම මගින් සමස්ත වෘත්තියේම කීර්තිනාමයට දැඩි කැළලක් ඇතිවන බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
මුලින් ගුවන් සේවිකාවක ලෙස වාර්තා වුවද, පසුව සමාජ මාධ්‍ය ඔස්සේ තහවුරු වී තිබුණේ ඇය ගුවන් සේවිකාවක නොව ගුවන් නියමුවරියක බව ය.
මෙම කාන්තාව ගුවන් සේවිකාවක ලෙස හඳුන්වා තිබූ අවස්ථාවේ 'ගුවන් සේවිකාවන්ගේ හැටි ' මෙහෙම තමා යයි පෙන්වා දෙමින් මේ ගැන සමාජ මාධ්‍ය තුළ විශාල විවේචනයක් පළවිය.

තමා සමඟ විවාහ වන ලෙස හෝ එසේ නොමැති නම් තම දරුවා වෙනුවෙන් නඩත්තු ගෙවන ලෙස ඉල්ලා ගුවන් සේවිකාවක විසින් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට එරෙහිව නඩු පවරා ඇති බවට පසුගිය 21 වනදා මාධ්‍ය වාර්තා පළ විය.


විවාහවීමේ බලාපොරොත්තුව ඇතිව තමන් ‍ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න සමඟ සබඳතාවයක් පවත්වාගෙන ගිය බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට දාව තමන්ට දරුවෙකු සිටින බවත් ඇය සිය පැමිණිල්ල මඟින් අධිකරණයට දැනුම් දී තිබුණි.

 කෙසේ වෙතත්, අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියේ වගඋත්තරකරු වන චාමික කරුණාරත්න අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, එම නඩුව එළඹෙන දෙසැම්බර් මස 8 වන දින නැවත කැඳවීමට අධිකරණය විසින් නියම කර තිබේ.


මෙම සිදුවීමට මුහුණ දී සිටින කාන්තාව A320 සහ A330 වැනි ගුවන් යානා මෙහෙයවන ජ්‍යෙෂ්ඨ පළමු පෙළ ගුවන් නියමුවරියක් වීම විශේෂත්වයකි. ඇයගේ සොයුරියද ගුවන් නියමුවරියකි.
ඇය ගුවන් නියමුවරියක ලෙස සැරසී සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ වීඩියෝ පටයයේදී ඇය තරුණ පරම්පරාවට උපදෙස් දෙමින් පවසා ඇත්තේ සිහින විශ්වාස කරමින්, වෙහෙස මහන්සි වී වැඩ කරමින්, කිසිවෙකුට තමන්ව ආපසු ඇද දැමීමට ඉඩ නොදී විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා යුතු බවයි. 
සිද්ධියට මුහුණදුන් කාන්තාව තරුණ පරපුරට ස්වශක්තියෙන් නැගිටින ලෙස ලබාදෙන පණිවිඩයේ වීඩියෝව මෙතැනින් click here