මීට වසර 18 කට පමණ පෙර 2007 වසරේ පෘතුගාලයේදී අතුරුදන් වූ බ්‍රිතාන්‍ය ජාතික දැරියක වන මැඩ්ලින් මැක්කාන් පිළිබඳ ලෝකයේම අවධානය යොමුවූ ප්‍රකට සිද්ධියක් බවට පත්ව තිබුණි. තවම නොවිසඳුණ අභිරහසක්ව පවතින මෙම දැරියගේ සිද්ධිය යුටියුබ් විව්ස් ගැනීමට වාසියකට හරවා ගනිමින් අතුරුදන්ව සොයමින් ඇත්තේ තමා බව පවසමින් ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් ඇගේ දෙමාපියන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන්
ජූලියා වන්ඩෙල්ට් නම් 24 හැවිරිදි පෝලන්ත ජාතික කාන්තාවක එක්සත් රාජධානියේ ලෙස්ටර් ක්‍රවුන් අධිකරණය විසින් වරදකරු කරනු ලැබීය. සති පහක් පුරා පැවති නඩු විභාගයකින් අනතුරුව මෙම තීන්දුව ලබා දී ඇති අතර, අන්තර්ජාලය හරහා ගෙන ගිය අසත්‍ය ප්‍රචාරයක් පවුලේ නිවසටම පැමිණ බාධා කිරීමක් දක්වා වර්ධනය වීම මෙම නඩුවට හේතු විය.අතුරුදන් වූ දැරිය තමා බව කියමින් වන්ඩෙල්ට් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන ගිය වැඩසටහන මිලියනයකට අධික අනුගාමිකයින් පිරිසකගේ අවධානය දිනාගෙන තිබිණි. ඇය මැඩ්ලින්ගේ මව වන කේට් මැක්කාන්ට "අම්මා" යැයි ආමන්ත්‍රණය කරමින් 60 වතාවකට වඩා පණිවිඩ යවා තිබූ අතර, මැඩ්ලින් ලෙස පෙනී සිටිමින් ලිපි පවා ලියා තිබුණි. මැක්කාන් යුවලගේ නිවුන් දරුවන් සහ පවුලේ මිතුරන් සම්බන්ධ කර ගැනීමටද ඇය උත්සාහ කර තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.
විනිසුරු ජස්ටිස් කට්ස් මහත්මිය විසින් වන්ඩෙල්ට්ට මාස හයක සිර දඬුවමක් නියම කළ නමුත්, නඩු විභාගය අපේක්ෂාවෙන් ඇය දැනටමත් මාස නවයක් රඳවාගෙන සිටි බැවින් තාක්ෂණිකව ඇයට අධිකරණයෙන් නිදහස හිමි විය. කෙසේ වෙතත්, ඇය නැවත බන්ධනාගාර ගත කර ඇති අතර පෝලන්තයට පිටුවහල් කිරීමට නියමිතව ඇත. මීට අමතරව, මැක්කාන් පවුල සමඟ සම්බන්ධ වීම හෝ මෙම නඩුව පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරීම තහනම් කරමින් දින නියමයක් නොමැති වාරණ නියෝගයක් ඇයට එරෙහිව නිකුත් කෙරිණි.
DNA පරීක්ෂණයක් මගින් ජූලියා වන්ඩෙල්ට් යනු මැඩ්ලින් නොවන බව විද්‍යාත්මකව තහවුරු වී තිබුණද, තමා තවමත් අතුරුදන් වූ දැරිය බව විශ්වාස කරන බව ඇය අධිකරණයේදී ප්‍රකාශ කළාය. විනිසුරුවරිය සඳහන් කළේ වන්ඩෙල්ට් තමා මැඩ්ලින් නොවන බව දැන සිටියදීම මැක්කාන් යුවලට සැලකිය යුතු පීඩාවක් ඇති කරමින් මෙම ක්‍රියාවලියේ නිරත වූ බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ වූ කැරන් ස්ප්‍රැග් නම් 61 හැවිරිදි කාන්තාව කුමන්ත්‍රණයට හවුල් බව විනිසුරුවරිය පැවසුවාය. ඒ අනුව ස්ප්‍රැග් වෙතද මැක්කාන් පවුල හා සම්බන්ධ වීම වළක්වන වාරණ නියෝගයක් පනවා ඇත.
වයස අවුරුදු තුනේදී අතුරුදන් වූ මැඩ්ලින් මැක්කාන්ගේ සිද්ධිය ලොව පුරා දැඩි අවධානයට ලක් වූ නොවිසඳුනු අභිරහසකි. නඩු තීන්දුවෙන් පසුව අදහස් දැක්වූ මැක්කාන් යුවල ප්‍රකාශ කළේ තමන්ට අවශ්‍ය වූයේ හිරිහැර නතර කර ගැනීම පමණක් බවත්, වන්ඩෙල්ට්ට අවශ්‍ය මානසික සහාය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.
Comments
Post a Comment
Your comment will be visible after approval