සීගිරිය පොලිස් බලප්‍රදේශයට අයත් අවුදන්ගාව ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි කුඩා දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කැලණිය, දළුගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු පහක පිරිමි දරුවෙකි.
පොලිසිය සඳහන් කළේ ඊයේ (08) සවස් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බවයි. දරුවා සිය දෙමාපියන් සමඟ අදාළ හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දියේ ගිලීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයේ සිටි දරුවා කඩිනමින් දඹුල්ල රෝහල වෙත ඇතුළත් කර ඇතත්, එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. මියගිය දරුවාගේ මෘත දේහය මේ වන විට දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සීගිරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval