කැලණි ගඟේ ජල මට්ටම අඛණ්ඩව ඉහළ යමින් පවතින බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ දැඩි අවදානමක් මේ වන විට නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
මෙම හදිසි අවදානම් තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් අඹතලේ වේල්ල සහ මාලඹේ - කඩුවෙල ප්‍රධාන මාර්ගය අතර පිහිටි පහත්බිම් ජලයෙන් යටවීමේ හැකියාවක් පවතින බැවින්, එම ප්‍රදේශවල පදිංචි ජනතාව වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්ව යන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.
Comments
Post a Comment
Your comment will be visible after approval