ditva-leaves-killing-over-a-hundred-trees-are-shaking-in-tamil-nadu

 ඩිත්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දැඩි ආපදා තත්ත්වයක් නිර්මාණය කර සියයකට වැඩි පිරිසක් මරා දැමීමෙන් පසු සුළි කුණාටුව මේ වනවිට  ශ්‍රී ලංකාවෙන් ඉවත්ව ගොස් තිබේ.



නිල සංඛ්‍යා ලේඛන අනුව පුද්ගලයින් 131 දෙනෙකුට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව  ඇති බව මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇත. මෙම ප්‍රමාණය තවත් ඉහළ යාහැකිය

කෙසේ වෙතත් සුළි කුණාටුවෙන් පසුවත් ගංගාවල ජල මට්ටම තවත් ඉහළයාම හා ගංවතුර නිසා සිදුවිය හැකි අලාබහානි තවදුරටත් සිදුවෙමින් පවතී.




දිවයින පුරා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර රෙගුලාසි මගින් සහන සේවා සම්බන්ධීකරණය සහ මුදාගැනීමේ මෙහෙයුම් කඩිනම් කිරීමට ප්‍රතිපාදන සැලසේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ ඩිත්වා කුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවත්ව දකුණු ඉන්දියානු වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින නමුත්, එහි වක්‍ර බලපෑම හේතුවෙන් තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි. 

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමට ලක් වූ ප්‍රදේශවල සන්නිවේදන පද්ධති බිඳ වැටීම නිසා ආපදාවේ සැබෑ හානිය තක්සේරු කිරීමට බාධා එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව නිලධාරීහු පෙන්වා දෙති. යටිතල පහසුකම්වලට සිදුව ඇති දැවැන්ත හානිය සහ සන්නිවේදන බිඳ වැටීම් මධ්‍යයේ සහන කණ්ඩායම් ආපදාවට ලක්වූවන් වෙත ළඟා වීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.
තමිල්නාඩුවට දැන් කුණාටුවේ ලක්ෂණ මතුව ඇති අයුරු ඉන්දීය නාලිකා වාර්තා කර ඇත්තේ පහත පරිදිය.