මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තොරතුරු පළවී තිබේ. ඒ ගැන බලධාරීන්ගේ අවධානයද යොමුව තිබෙන අතර
විභාගය පැවැත්වීමට පෙර බාහිර පාර්ශවයන් වෙත නිකුත් වී ඇති බවට පළවන වාර්තා පදනම් කරගෙන ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදුකරන ලෙස විභාග දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම සිදුවීමට අදාළ පැමිණිල්ල ඉකුත් සතියේ දී නියෝජ්‍ය විභාග කොමසාරිස්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබ ඇති බව විභාග දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය කල්තියා පිටවී ඇති බවට පසුගිය දින කිහිපය පුරාවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රචාරයන් සහ වාර්තා සංසරණය වූ අතර මේ පිළිබඳව දැඩි කතාබහක් ද නිර්මාණය වී තිබිණි.
කෙසේ වෙතත් අදාළ වාර්තා සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් කඩිනම් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඇති අතර, එහිදී ප්‍රශ්න පත්‍රය පිටවීමක් පිළිබඳ කිසිදු නිශ්චිත සාක්ෂියක් හෝ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එසේ වුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවතින තත්ත්වය නිරාකරණය කර ගැනීම සඳහාත්, මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙසත් දන්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල යොමු කළ බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.
ශ්‍රී ලංකාවේ උසස් පෙළ (A/L) විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම් පිළිබඳව වු විවිධ සිදුවීම් අතීතයේදී වාර්තා වී තිබේ.
2024 වසරේදීද, කෘෂිකර්ම විද්‍යා II (Agricultural Science II) විෂයයේ ප්‍රශ්න පත්‍රය පිටවීම නිසා විභාග දෙපාර්තමේන්තුව විසින් එම පත්‍රය අවලංගු කර, නැවත විභාගයක් පවත්වන ලෙස පියවර ගත් අතර, එය සිසුන්ට අවාසියක් විය.සිසුන් 20,000 කට අධික සංඛ්‍යාවක් සඳහා නැවත විභාග පැවැත්වීමට හේතු විය.
2017 අගෝස්තු මාසයේදී, විභාගයට පෙර උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය කාන්දු වූ බවට චෝදනා එල්ල විය. හිමිකම් පෑමේ බරපතලකම හේතුවෙන් බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණ ආරම්භ කරන ලදී.
Comments
Post a Comment
Your comment will be visible after approval