Jeewan Thondaman Wedding (photos)

 ලංකා වතු කම්කරු කොංග්‍රසයේ මහ ලේකම්වරයා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන ජීවන් තොණ්ඩමන් මහතා අද (23) දින ඉන්දියාවේදී යුග දිවියට එළඹුණේය. ඔහු අතගනු ලැබුවේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපත්තූර් ප්‍රදේශයේ පදිංචි වෛද්‍ය සීතා ශ්‍රී නාච්චියාර් මෙනවිය සමඟයි.



මෙම විවාහ මංගල උත්සවය අද දින චෙන්නායි හි තිරුපත්තූර් ආරුමුගම්පිල්ලෙයි සීතෙයි අම්මාල් විද්‍යාලයීය පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණිය සහභාගී වූ අතර, ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් රැසක් ද නව යුවළට ආශිර්වාද කිරීම සඳහා එක්ව සිටියහ.

ශ්‍රී ලාංකික දේශපාලනඥයින්ට අමතරව ඉන්දියාවේ දේශපාලන ක්‍රියාකාරීන්, ජනප්‍රිය සිනමා තරු මෙන්ම එරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආරාධිත අමුත්තන් විශාල පිරිසක් ද මෙම මංගල උත්සවය වර්ණවත් කිරීම සඳහා එක්ව සිටීම විශේෂත්වයක් විය. ඉන්දියාවේ පැවති මෙම මංගල උත්සවයෙන් අනතුරුව කොළඹදී ද විශේෂ උත්සවයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
all photos click here