gossiplanka image 1

ප්‍රේක්ෂක ජනයාගේ ආදරය දිනාගත් ජ්‍යෙෂ්ඨ රංගවේදී "කෝරළේ මහත්තයා" හෙවත් විජේරත්න වරකාගොඩ මහතාගේ 92 වැනි ජන්ම දිනය ඊයේ දිනට යෙදී තිබුණු අතර එය සැමරීම සඳහා සුවිශේෂී කටයුත්තක් සංවිධානය කර තිබුණි. ඔහුගේ ජන්ම දිනය නිමිති කරගනිමින්, කළුබෝවිල පිහිටි ඒ මහතාගේ නිවස වෙත දිවෙන මාර්ගය "විජේරත්න වරකාගොඩ පෙදෙස" ලෙස නම් කිරීම සිදු කෙරුණි.



තමන් ජීවත්ව සිටියදීම තමන්ගේ නමින් නම් කරන ලද මාර්ගයේ නාම පුවරුව තමන්ගේම දෑතින් විවෘත කිරීමට ලැබීම වරකාගොඩ මහතා ලැබූ විරල භාග්‍යයක් ලෙස බොහෝ දෙනා හඳුන්වා දුන්හ.


මෙම අවස්ථාවට එතුමන්ගේ පවුලේ සාමාජිකයින් ද, සහෝදර කලාකරුවන් ද, මාධ්‍යවේදීන් රැසක් ද සහභාගී වී සිටීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකාවේ දීර්ඝතම ගුවන්විදුලි නාට්‍යය ලෙස ඉතිහාසයට එක්වූ 'මුවන්පැලැස්ස' නාට්‍යයට හඬ කැවීම හරහා අතිශය ජනප්‍රියත්වයට පත් විජේරත්න වරකාගොඩ මහතා එතැනින් නොනැවතී ගුවන්විදුලිය, රූපවාහිනිය සහ වේදිකාව යන ත්‍රිවිධ මාධ්‍යය ඔස්සේම සිය රංගන ප්‍රතිභාව දැක්වූ කලාකරුවෙකි. දශක ගණනාවක් පුරා මෙරට කලා කෙත පෝෂණය කළ මෙම කෘතහස්ත කලාකරුවාගේ සේවය අගයමින් 92 වැනි විය සපිරෙන මොහොතේ මෙම ගෞරවය පිරිනමා ඇත.
ඡායාරූප එකතුව බලන්න මෙතැනින් click here