පසුගිය සෙනසුරාදා කඩුගන්නාව ප්‍රදේශයේ සිදුවූ නායයෑම හේතුවෙන් මාර්ගයට එක්රැස් වී ඇති සුන්බුන් සහ පස් කඳු ඉවත් කිරීම සඳහා රසායනික පිපිරවීමක් සිදු කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගය දීර්ඝ වේලාවක් රථවාහන ගමනාගමනය සඳහා වසා තැබීම ප්‍රායෝගික නොවන බැවින් අවම වශයෙන් එක් මංතීරුවක් හෝ ගමනාගමනය සඳහා කඩිනමින් විවෘත කිරීමට පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් හා අධීක්ෂණය යටතේ මෙම රසායනික පිපිරවීම සිදු කිරීමට නියමිත අතර, නායයෑමෙන් මාර්ගයට පතිත වී ඇති විශාල ගල් කුට්ටි ඉවත් කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදුව තිබේ.
මෙම පිපිරවීම් ක්‍රියාවලිය සිදු කර මාර්ගයේ අවහිර වී ඇති සුන්බුන් ඉවත් කිරීම සඳහා අවම වශයෙන් දින දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ මත තාවකාලික පියවරක් ලෙස එක් මංතීරුවක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත්, පවතින අවදානම් තත්ත්වයේ ගැඹුර සහ ස්වභාවය නිශ්චිතව හඳුනා ගැනීම සඳහා එම ප්‍රදේශයේ ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් භූ විද්‍යාත්මක සමීක්ෂණ සිදු කිරීමට නියමිත බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ගල පෙරළුන අයුරු AI පාවිච්චි කරමින් නිර්මාණය කර තිබෙන ග්‍රැෆික් වීඩියෝව අන්තර්ජාලය පුරා ප්‍රචලිතව තිබේ. මේ සමග පළවන්නේ එයයි. බලන්න මෙතනින් click here

Comments
Post a Comment
Your comment will be visible after approval