
තම ප්‍රේම සම්බන්ධතාවට මව විරුද්ධ වීම හේතුවෙන් උරණ වූ දහතුන් හැවිරිදි දියණියක්, මව නිදා සිටි ඇඳට පෙට්‍රල් දමා ගිනි තැබීමේ පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම ගිනි තැබීමෙන් බරපතල පිලිස්සුම් තුවාල ලැබූ මව මේ වන විට බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන බව බදුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කළේය.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ පොලිසිය විසින් සැකකාර සිසුවිය පසුගිය 11 වැනිදා සවස අත්අඩංගුවට ගෙන තිබේ.
බදුල්ල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන මෙම දැරිය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එය දැනගත් මව ඇයට අවවාද කර ඇත්තේ හොඳින් ඉගෙන ගෙන, රැකියාවක් ලබා ගැනීමෙන් පසු සුදුසු සහකරුවෙකු සොයා ගන්නා ලෙසයි.
එම අවවාද ඉවසා දරා ගත නොහැකිව මව සමඟ වෛරයකින් පසුවූ දියණිය, පසුගිය 04 වැනිදා රාත්‍රියේ මව නිදා සිටි ඇඳට පෙට්‍රල් හලා ගිනි තබා ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දක්වමින් සැකකාර සිසුවිය පිළිගෙන ඇත්තේ තමන් පවත්වාගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවට මව බාධා සිදු කළ නිසා මෙලෙස මව නිදා සිටි ඇඳට ගිනි තැබූ බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval