පසුගියදා පැවති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙලේදී එහි මෙරට ජාතික ගීතය ගැයීමට දායකවූ නැගී එන ගීත කෝකිලාවිය විශාරද නුවන්දිකා සේනාරත්න සමග ඉන්දියාවේ ප්‍රවීණ ගායිකා ශ්‍රියා ගෝෂාල් සුහදව හමුවූ අවස්ථාවේ සිංහල ගීතයක් මුමුණා තිබුණි. ඔවුන් එක්ව ටික්කි ටිකිරි ගීතය ගායනා කළ අතර නුවන්දිකාගෙන් වචන අසාගෙන ශ්‍රියා ගෝෂාල් එහි කොටසක් ගැයුවාය.
මෙම සමාරම්භක උළෙලේදී ශ්‍රියා ගෝෂාල් ඉන්දියාවේ ජාතික ගීතය ගැයුවාට අමතරව එදින ප්‍රසංගයේ ප්‍රධාන ගායිකාව ලෙස ගීත රැසක්ද ගායනා කර තිබුණි.
ශ්‍රියා - නුවන්දිකා ගයන ගීතය බලන්න මෙතැනින් cick here





