මේ වසරේ වාහන ආනයනයට අවසර හිමිවීමත් සමග මෙරටට ගෙන්වූ බොහෝ රථ වාහන සඳහා නිල අංක තහඩු නිකුත් කිරීම තවමත් සිදුකර නොමැති අතර
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ඔක්තෝබර් 08 වන දා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ,
අදාළ ආරක්ෂිත ලක්ෂණ පරීක්ෂා කිරීමේ වගකීම මොරටුව විශ්වවිද්‍යාලයට පවරා තිබූ අතර, මාස තුනක පමණ කාලයක් ඇතුළත ඉන් ලක්ෂණ හයක් පමණක් පරීක්ෂා කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. ඉතිරි එක් ලක්ෂණය ජාත්‍යන්තර මට්ටමෙන් පරීක්ෂාවට ලක් කිරීමට සිදුවීම හේතුවෙන් අංක තහඩු නිකුත් කිරීම තවදුරටත් ප්‍රමාද වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම, 2000 වසරේ සිට වසර 25ක් පුරා මෙම කටයුත්ත 'ඇක්සස්' එකම සමාගම විසින් සිදු කිරීම නිසා ඇතැම් සංකීර්ණතා මතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
2000 වසරේ සිට එකම සමාගමක් මෙම ටෙන්ඩරය ලබාගෙන තිබූ අතර 2008 හා 2019 ටෙන්ඩරය අළුත් කර ලබාදී තිබුනේද එම සමාගමටය. නමුත්, මෙවර නව ටෙන්ඩරය සඳහා සමාගම් තුනක් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.
මීට පෙර අංක තහඩු සැපයූ ඇක්සස් ආයතනය විසින් ජනාධිපති කාර්යාලය වෙත අභියාචනයක්
ඉදිරිපත් කර ඇති අතර, එම කටයුතු අවසන් වූ වහාම ප්‍රසම්පාදන ක්‍රියාවලිය
නිමවා නව අංක තහඩු නිකුත් කිරීම ආරම්භ කළ හැකි වනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන
කොමසාරිස්වරයා පවසා තිබේ.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතාට අනුව, ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත නව අංක තහඩුව ජාත්‍යන්තර ප්‍රමිති හතක් යටතේ ISO 7591-1982 ප්‍රමිතියට අනුකූලව සකසා ඇත. ඒ අනුව, එහි ඇලුමිනියම් උපස්ථරය ASTM B209 ප්‍රමිතියට අනුකූල විය යුතු අතර, අවම වශයෙන් 99.0% ක සංශුද්ධතාවයකින් යුක්ත විය යුතුය. මිලිමීටර් 1.00 ක ඝනකමකින් යුතු මෙම තහඩුවේ ඉදිරිපස, ප්‍රතිලෝම පරාවර්තක ස්ථරයක් සහිතව ඇනෝඩීකරණය හෝ ක්‍රෝමේට් ආලේපනයක් සිදු කළ යුතු අතර, එහි අවම ඝනකම මයික්‍රෝමීටර 120 ක් විය යුතුය.
තහඩුවේ පසුපස කොටස ද ඇනෝඩීකරණය හෝ ක්‍රෝමේට් ආලේපනයකට ලක්කර, පැහැදිලි එපොක්සයිඩ් ආරක්ෂණ වාර්නිෂ් තට්ටුවක් යෙදිය යුතු අතර, එහි අවම ඝනකම මයික්‍රෝමීටර 4 ක් ලෙස නියම කර තිබේ. මෙම සම්පූර්ණ ක්‍රියාවලිය ISO 7591 ප්‍රමිතියේ සියලුම පරාමිතීන්ට අනුකූල විය යුතු අතර, තෝරාගනු ලබන ලංසුකරු විසින් ඊට අදාළ ජාත්‍යන්තර පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval