පසුගිය වසරේ පැවති මැතිවරණයකට ආසන්නව, ලංකා සතොස ආයතනයේ සේවකයන් 850 දෙනෙකුගේ රැකියා ගැටලුකාරී ලෙස ස්ථිර කර ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) කරුණු හෙළිදරව් විය.
ලංකා සතොස නිලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වූ අතර, එහිදී සතොස ආයතනයේ ඉහළ තනතුරු අටක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදු කර ඇති බවට කාරක සභාවේ සභාපති නිශාන්ත සමරවීර මහතා ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දුන් සතොස සභාපති, ආචාර්ය සමිත පෙරේරා මහතා සඳහන් කළේ, 2024 වසරේ සැප්තැම්බර් මාසයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම තනතුරුවල වසර දෙකක කොන්ත්‍රාත්තුව වසර පහක් දක්වා දීර්ඝ කර ඇති බවයි. ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ මූලික වැටුප රුපියල් 173,000ක් වැනි අඩු අගයක් වීම නිසා එම වැටුපට සුදුස්සන් බඳවා ගැනීමේ අපහසුතා පවතින බවද ඔහු පැවසීය.
ආයතනයක ප්‍රධාන තනතුරු කොන්ත්‍රාත් පදනම මත පැවතීම සුබදායක තත්ත්වයක් නොවන බවට කෝප් කමිටු සභාපතිවරයා කළ ප්‍රකාශය සතොස සභාපතිවරයා විසින් පිළිගන්නා ලදී.
2024 වසරේ ජූලි මාසයේදී, මැතිවරණයට පෙර සේවකයන් 850 දෙනෙකු පමණ ස්ථිර කිරීම සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න කළ අවස්ථාවේදී, එම ස්ථිර කිරීම් ගැටලු සහගත බව ලංකා සතොස ජ්‍යෙෂ්ඨ කළමනාකරු සිසිර ගුණවර්ධන මහතා පිළිගත්තේය.
Comments
Post a Comment
Your comment will be visible after approval