ඇල්පිටිය පොලිස් වසමට අයත් ඉහළ ඕමත්ත ප්‍රදේශයේ නිවසක ඊයේ(04) රාත්‍රියේ සිදු වූ බවට වාර්තා වූයේ වෙඩි තැබීමක් නොව, දේශීයව නිෂ්පාදනය කරන ලද පුපුරණ ද්‍රව්‍යයක් පිපිරී යාමක් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
නිවසෙහි ඉදිරිපස ජනේලයකට හානි සිදු කරමින් එය වෙඩි තැබීමක් බවට සැකකරමින් ඇල්පිටිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබූ අතර, එම සිද්ධියෙන් නිවසේ තිබූ උපකරණ කිහිපයකට ද අලාභහානි සිදුව තිබිණි.
ලැබුණු පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ ඇල්පිටිය පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එම ස්ථානයේ පරීක්ෂා කිරීම් සිදු කරන ලදී. එහිදී සිදුකළ මූලික විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි.
වෙඩි බෙහෙත් සහ ගල් වැනි ද්‍රව්‍ය යොදා ලෝහ බටයක් භාවිතයෙන්, රතිඤ්ඤාවකට සමාන ලෙස සකස් කරන ලද උපකරණයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවට විමර්ශනවලින් හෙළිවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක අතර, එම ස්ථානයෙන් සොයාගත් කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval