peter-almeida-recalls-lasantha

 'සන්ඩේ ලීඩර්' පුවත්පතේ හිටපු කර්තෘ, මාධ්‍යවේදී ලසන්තවික්‍රමතුංග මහතා සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයකු වන පිටර් අල්මේදා මහතා පසුගියදා පැවැති උත්සවයකදී මෙලෙස  කියා තිබේ.



"මම ලසන්තව දන්නේ පොඩි කාලේ. ඕගොල්ලෝ ඔක්කොම අඳුරන්නේ එයාගේ ජර්නලිසම් පැත්තෙන්. මම ඔහුව දන්නේ මගේ යාළුවා පොඩි කාලේ ඉඳන්. කොටහේනේ අපි එකට හැදුණේ. කොටහේන කියන්නේ මාර ප්‍රජාවක්. ඔක්කොමලා එකිනෙකා දන්නවා. අපේ ඉස්කෝලේ සෙන්ට් බෙනඩික්ස් කොලේජ් එක කතෝලික ඉස්කෝලයක්. නමුත් ලසන්ත බෞද්ධ. ඒක අපිට වැඩක් නෑ. අපි පවුල් ඔක්කොම අඳුනනවා. මාර ෆන් එකේ අපි හිටියේ. ලසන්ත මාර දඟ කේස් එකක් ඔහු. විහිළුකාරයා, හරිම දඟයි. පොඩීනේ. එතකොට ගෙදර ඔහුට කියන්නේ හූනා කියලා. අපිත් කියන්නේ හූනා. එහෙමයි අපි කියන්නේ.



ඉතින් මිනිහා මාර ලෙෆ්ට් ආර්ම් බෝලර්, ස්පින් බෝලර්. එක මැච් එකේ විකට්ස් අටක් ගත්තා. නමුත් පොඩි කාලේ ඇකඩමික් පැත්තේ වැඩිය උනන්දුවක් නෑ. පොතක්වත් නෑ. සමහර වෙලාවට ක්ලාස් එකට එනවා පොතක්වත් ගේන්නේ නෑ. ඉතින් පොඩි කාලේ මූ හරි දඟ හින්දා මුව දවසක් අම්මා ගෙදරින් එළියට දැම්මා. තාත්තාගේ නම හැරිස්. හැරිසුත් දේශපාලනය කරලා එයා එම්.එම්.සී. මියුනිසිපල් කවුන්සිල් එකේ ඩිපියුටි මේයර් වෙලත් හිටියා. මේ යකා මම හිතන්නේ බාල වයසේ. අර බ්ලුමැන්ඩල් පාරේ කෑ ගහනවා 'හැරිස්ගේ පුතාව ගෙදරින් එළියට දාලා. හැරිස්ගේ පුතාව ගෙදරින් එළියට දාලා' කියලා එහෙට මෙහෙට ඇවිදිනවා පාරේ කෑ ගහගෙන. පස්සේ අම්මා මෙයාව ගත්තා ඇතුළට.
ඉතින් ඒ වගේ මේ ඉස්කෝලේ දවසක් අපිට ටෙස්ට් එකක් දුන්නා, ඕලෙවල්ස් එකට ඉස්සෙල්ලා අපි ග්‍රේඩ් 9. අද කතා කරන්න හිටපු ලාල්, එයා තමයි ටීචර්
අපේ. ඉතින් මේ විභාගය ලියලා, පස්සේ ලාල් විභාග පේපර්ස් ඔක්කොම එකතු කරලා හරි උත්තරේ බෝඩ් එකේ ලිව්වා, මෙහෙමයි මෙහෙමයි, මෙහෙමයි හරි උත්තරේ. එයා ගෙදර ගෙනල්ලා පේපර්ස් තියලා තිබ්බා රෑට චෙක් කරන්න. ලසන්ත කරපු වැඩේ උගේ පේපර් එක ගත්තා එළියට. ඇයි දැන් උත්තරේ
දන්නවනේ. මූ ආයෙමත් හරි උත්තරේ ලියලා දැම්මා. හැබැයි එයාගේ යාළුවෙක් හිටියා අන්වර් අලී කියලා. උගේ පේපර් එකත් මෙයා ලියලා ඒ දෙක දාලා මිනිහා නිදාගන්න ගියා. ලාල් පේපර්ස් කරෙක්ට් කරන කොට බලනවා, ඔක්කොමලගේ උත්තර වැරදියි. ලසන්තගෙයි අන්වර් අලීගෙයි විතරයි හරි. පස්සේ මිනිහා මොකක්ද කරපු වැඩේ? මිනිහා දන්නවා දැන් ඕක කිව්වොත් මිනිස්සු හිතනවා අයියා මල්ලිට පේපර් එක දීලා කියලා. මිනිහා විභාගය කැන්සල් කළා. ඉතින් ඒ වගේ කේස් එකක්. එංගලන්තෙට ගිහිල්ලා ආවම තමයි එයාගේ දේශපාලන පැත්ත පොඩ්ඩ පොඩ්ඩ හැදුණේ. ටිකක් කාලයක් ගියාට පස්සේ. ආපු දවස්වල දවසක් අපි අර ආනන්දන් කියලා ගෝල්ෆේස් එකේ ලෝක වාර්තාවක් තියෙනවා කියලා එතැනට ගියා. මිනිහා එනකොට ජේ.ආර්.ගේ ප්‍රසිඩන්ට් හවුස් එක පහුකරගෙන කාර් එකේ අපි දහදෙනෙක් විතර පොඩි කාර් එකක පටවගෙන යනවා අපේ යාළුවා. මේ යකා ඔළුව එළියට
දාලා කිව්වා 'අඩෝ ජේ. ආර්. බැහැපන් ඩෝ එළියට ' කියලා කුණුහරුපෙකුත් කියලා. ඊළඟ ගේට්ටුවෙන් අපි යනකොට මෙන්න ගේට්ටුව ඇරගෙන එනවා වාහනයක් අපි පස්සෙන්. අපේ යකා දන්නවා කොටහේනේ පොඩි පොඩි පාරවල්. තව යාළුවෙක්. කොහොම හරි හිමින් ෂේප් කරලා අපි දාගත්තා. ඊළඟ දවසේ නම්බර් එක ලියාගෙන සී.අයි.ඩී. එකෙන් ආවා. ලාල් සී.අයි.ඩී. එකේ. කොහොම හරි ඉතින් සමාව ඉල්ලලා ෂේප් කළා. ඒ වගේ මිනිහෙක් තමයි ලසන්ත. ඉතින් ඒ සන්දර්භය තුළ තමයි මම එයාව මරපු දවසට පස්සේ දවසේ මම පාන්දරින් ගියා ෆියුනරල් පාලර් එකට.

එතකොට ලාල් එළියේ ඉඳලා කිව්වා 'look what you have done to your friend,' Godfather කිව්වා වගේ. 'Look what they have done to sunny'. ඊට පස්සේ තමයි මම ගිහිල්ලා බැලුවේ එයාගේ බොඩ් එක.
ඉතින් ලාල්, ලසන්තගේ ඝාතනය රෑට හොරෙන්, තනි ඝාතකයෙක් වෙඩි තියලා තියන්න තිබ්බනේ. ප්‍රසිද්ධියේ. මෝටර්සයිකල් හතරක්. ප්‍රධාන ස්ථානයක නවත්තනවා. වෙඩි තියන්නෙත් නෑ. උලකින් අනිනවා ඔළුවට, පණිවුඩයක් තමයි දෙන්නේ. උඹලා අපිත් එක්ක හැප්පෙනවා නම්, මොන වගේ සම්බන්ධකම් තිබ්බත්. මොකද ලසන්තගේ අන්තිම කෝල් එක එයා කාටද ගන්නේ ට්‍රයි කරන්නේ? මහින්දට. එයාගේ සම්බන්ධකම් තිබ්බා. අපිට වැඩක් නෑ. ඌව මරනවා. ප්‍රසිද්ධියේ මරන්නේ කෲර විදිහටයි උඹව මරන්නේ. පණිවුඩයක්.
ලසන්ත මැරුණාම අම්මා මොකක්ද අහන පළමුවැනි ප්‍රශ්න? අපිට නිවුස් එක ආවම චූලා, මොන තරම් දරුණු, අපරාධ රාජ්‍යයක්ද, අරකද මේකද, අපිට ඔළුවට එන්නේ ඒකයි. එයා මොනවද දන්නවද කියන්නේ? I wonder if he felt any pain... එයාට වේදනාවක් දැනුණාද? පළමු වැනි ප්‍රශ්ගේ අර ඔළුවට එන්නේ ඒකයි. මගේ පොඩි කොල්ලා. My little boy... did he feel any pain..., That's what makes

these murders brutal, රිචඩ්ගේ අම්මා මනෝරාණි. මොනවද එයා කියන්නේ? එයා සාම්ප්‍රදායික කාන්තාවක්. එයා කොහොමද මේකට මැදිහත් වෙන්නේ? එයා කියනවා 'මම ඉතාමත්ම වාසනාවන්තඅම්මා කෙනෙක්. මගේ පුතාගේ මළසිරුර මුහුද ගෙනාවා මම ගාවට'. ඒ ගොල්ලෝ හෙලිකොප්ටර් එකෙන් ඒක විසි කරලා දැම්මම හිතුවේ නැහැ එක එයි කියලා. අතන නම් මැජිට්‍රේට් ගිහිල්ලා අඳුරගත්තා රිචඩ් කියලා. නැත්නම් පුච්චනවා වැල්ලේ. එයා කිව්වා 'කළුබෝවිල ගෙනියන්න මම එනවා පිටිපස්සෙන්' කියලා. එයාට හම්බ වුණා මළසිරුර. බලන්න. පුතා මැරිලා. වාසනාවන්ත අම්මා කෙනෙක්. ඇයි? Finally, I can bury him, So it's the mothers who feel this. ඉතින් ලසන්තට බියක් දැනුණේ නැද්ද? නැත්නම් එයා හිතුවද මගේ සම්බන්ධකම් නිසා මට මොකුත් කරන්න නැතිවෙයි කියලා.

අපි දන්නේ නෑ ඒකේ උත්තරේ. අපි දන්නේ එකම දෙයයි. එදා බ්‍රහස්පතින්දා දවසක්. බ්‍රහස්පතින්දා කියන්නේ එයාගේ කන්තෝරුවේ බිසීම දවස. අර රේන් එයාගේ පොතේ ලියලා තියෙනවා. එදා තමයි එයා අතින් ලියන්නේ එයාගේ 'ඉන්සයිඩ් පොලිටික්ස්' කියන කතු වැකිය. එයා ටයිප් කරන්නේ නෑ. අතින් ලියනවා. ඉතින් මිනිහා වැඩට යන්න ඕනේ. දැන් මෝටර්සයිකල් එනවා. එයාට ගෙදර හැංගිලා ඉන්නත් තිබ්බා. නමුත් එයා කියනවා අතන වැඩ තියෙනවා මට. ඔක්කොමලා එඩිටලා එදාට එනවා, ෆයිනල් පේපර් ලේ අවුට්. එයා ජර්නලිස්ට් කෙනෙක්. I have to go to work... I have to show up... ඉතින් එයා යනවා. So... what is fear?

කරේජ් තමයි අපිට හිතන්න තියෙන්නේ. Fear and courage. කරේජ් කියන්නේ, ධෛර්යය, නේද? Courage is not the absence of fear. ධෛර්යය කියන්නේ බිය නැති එක නෙමෙයි. බිය ජයගන්න එකයි. එතකොට බිය කියන්නේ Reaction. ධෛර්යය ප්‍රතික්‍රියාවක්. කියන්නේ තීරණයක්.
අවසාන වශයෙන් මට ලාල්ගේ වචනය ආයෙමත් මතක් වෙනවා.,Look what you have done to your friend. ඉතින් මේ වෙලාවේදී මට ඒක වෙන විදිහට මතක් වෙනවා. Look what your friend did. එයා පුදුම උරුමයක් ඉතුරු කරලා ගියේ."