
ආරූගම්බේ ප්‍රදේශයේදී හෝටල් හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳට පහර දීමේ චෝදනාව මත පසුගිය අගෝස්තු මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඊශ්‍රයාල ජාතිකයන් දෙදෙනෙකු, දෙපාර්ශ්වය අතර ඇති කරගත් සුහද එකඟතාවකින් අනතුරුව රටින් පිටව ගොස් ඇති බව පොලීසිය පවසයි.
මෙම සිදුවීම සිදුව ඇත්තේ, සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි හෝටල් හිමිකරු සහ ඔහුගේ බිරිඳ, මාර්ගය අවහිර කරමින් සිටි 26 හැවිරිදි වියේ පසුවූ මෙම විදේශිකයන් දෙදෙනා හමුවූ අවස්ථාවේදීය. එහිදී ඇතිවූ උණුසුම් වචන හුවමාරුවක් දුරදිග යාමෙන් ගුටිබැට හුවමාරුවක් බවට පත්ව ඇති අතර,
ඉන් තුවාල ලැබූ අදාළ යුවළ රෝහල් ගත කිරීමට ද සිදුව තිබේ.
සිද්ධියෙන් අනතුරුව පොතුවිල් පොලීසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. කෙසේ වෙතත්, පසුව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම ආරවුල සමථයකට පත් කර ගැනීමට එකඟතාව පළ වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය. එම එකඟතාව මත, වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ගයකින් තොරව රටින් පිටව යාමට ඊශ්‍රයාල ජාතිකයන්ට අවස්ථාව හිමිවී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval