
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ඩබ්. ඒ. සමරසිංහ මහතා සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරිනී නිමෝදි වික්‍රමසිංහ මහත්මිය ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය සහ අපහාසාත්මක ප්‍රචාර සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඇමතිවරයා ඉදිරියට යොදාගෙන තිබෙන ස්විට්සර්ලන්තයේ ජිනීවා චාරිකාවට එක්කරගෙන තිබෙන කණ්ඩායමේ සියලු නිලධාරීන් අතර එක් නිලධාරිනියක් වන නිමෝදී සිටින බවත් ඇය යන්නේ කවරක් සදහාද ලෙසත් විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබෙන පසුබිමක මෙම මඩ පෝස්ටු නිර්මාණය විය.
අදාළ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඇතැම් ෆේස්බුක් පිටු සහ වෙබ් අඩවි විසින් අමාත්‍යවරයාගේ මෙන්ම ඔහුගේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික, පවුල් ජීවිතයට, වෘත්තීය කීර්තිනාමයට මෙන්ම දේශපාලන චරිතයට හානිවන අයුරින් ගොතන ලද කතන්දර, සංස්කරණය කරන ලද ඡායාරූප සහ නොමඟ යවන සුළු අන්තර්ගතයන් පළ කරමින් පවතින බවයි.
අංක 20039516 යටතේ ගොනු කර ඇති මෙම පැමිණිල්ල මඟින්, ඉහත කී ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය පිටු පිළිබඳව විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.
මෙම පැමිණිල්ලේ නිමන්ත පෙරේරා, දුමින්දු ජයසූරිය, කේ. ඩබ්. පද්මසිරි, මංජුල පෙරේරා, රන්නු ජැසී, තුෂාරි පතිරාජ, පාලිත දේවසිරි, රසික විකුම්ප්‍රිය, ප්‍රනාන්දු ඉනෝකා යන පුද්ගලයින්ගේ නම් සහ "ගම්පහ පොදු ජන හඬ" නම් ෆේස්බුක් පිටුවද නම් කර තිබීම විශේෂත්වයකි.


Comments
Post a Comment
Your comment will be visible after approval