සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 182 දරණ යානය අද (15) දින සවස 6.55ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය.
නේපාලයේ කත්මණ්ඩු නුවර සිට පැමිණි මෙම ගුවන් යානයෙන් සැකකරුවන් මෙරටට රැගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා පොලිසිය විසින් දියත් කරන ලද විශේෂ මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි.මෙලෙස නේපාලයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ආ සැකකරුවන් අතර වීරසිංහ පිනිපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි, ජීවදාසන් කනකරාසා, තක්ෂි නන්දකුමාර, දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා කළුදාර, කෙනඩි බස්තියම්පිල්ලෙයි හෙවත් J.K. බායි සහ වික්‍රම ආරච්චිගේ දිනේෂ් නිශාන්ත කුමාර යන අය වෙති.
මොවුන් මෙරට පාතාල කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වූවන් බවට තොරතුරු වාර්තා වී තිබුණි.
සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තා ඉකුත් පෙබරවාරි මස 20 වන දින කොළඹ අලුත්කඩේ අංක 6 උසාවි පරිශ්‍රය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, එම සිදුවීමට අදාළව ඉෂාරා සෙව්වන්දි ප්‍රධාන සැකකාරිය ලෙස නම් කර තිබිණි.
මෙරටට රැගෙන ආ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට නියමිතය. සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු විවිධ විමර්ශන ඒකක වෙත භාර දීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval