ගම්පහ, උඩුගම්පොළ වීදියවත්ත මංසන්ධියේදී ඊයේ (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු මරණයට පත්වී තිබේ.
මංසන්ධිය පසුකරමින් විදුලි වේගයෙන් ගමන් කළ යකඩ පැටවූ විවෘත ට්‍රක් රථයක් අනෙක් පස මාර්ගයට දමද්දී වාහනයක් ඒවර් ටේක් කරන්නට යන අතර එම අවස්ථාවේ පාරේ ගමන් කරමින් සිටි සිසුදරුවා යටකරගෙන එය ගමන් කර කාර් රථයක හා ත්‍රීරෝද රථයක හැප්පී නතරවන අයුරු සීසීටීවී වීඩියෝවේ සටහන් විය.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වීදියවත්ත, දොළාගත පාරේ පදිංචිව සිටි, උඩුගම්පල සෙනරත් පරණවිතාන ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකි.
පෞද්ගලික උපකාරක පන්තියක් නිමවී නැවත නිවස බලා පැමිණෙමින් සිටි මෙම සිසුවා, පිටුපසින් පැමිණි යකඩ පටවාගත් ට්‍රක් රථයක ගැටීමෙන් අනතුර සිදුවූයේ අවාසනාවන්ත ලෙසිනි.
එම රථය පාලනය කරගත නොහැකිව මෝටර් රථයක සහ ත්‍රිරෝද රථයකද ගැටුණ අවස්ථාවේ රියදුරු පවසා ඇත්තේ තමන්ට බ්‍රේක් නැති නිසා මෙම අනතුර සිදුවූ බවයි.
අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ලොරි රථයේ රියදුරු මුලදී අතුරුදන්ව සිටි නමුත් පසුව පොලිසිය කළ විමර්ශන වලින් ඔහුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ගම්පහ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval