මත්ද්‍රව්‍ය විකිණීමෙන් මෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයෙන් ලබන ආදායම සුළුපටු නොවේ. මේ බව දන්නා බොහෝ පිරිස් තම ජීවිත ගොඩදා ගැනීමේ අරමුණෙන් මත්ද්‍රව්‍ය. විකිණීම මෙන්ම ප්‍රවාහනයද සිදුකරති. කාලයක් මේ සඳහා පිරිමි පුද්ගලයන් යොදා ගැනුණු අතර මේ වන විට කාන්තාවන් පමණක් නොව අඩු සැමියන්ද මෙම ජාවාරමේ නිරතව සිටින අයුරු දැකිය හැකි වේ.පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමු නොවීම සහ
ඔවුන් තුළ සැකයක් ඇති නොවීම හේතුකොට ගෙන විවිධ ජාවාරමිකරුවන් මේ සඳහා අඹු - සැමියන් යොදා ගන්නා බව විමර්ශන වලදී හෙළිව තිබේ. ඉකුත්වූ නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණු අඹු - සැමි යුවළද එවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා යොදාගෙන තිබිණි. මෙහි විශේෂත්වය වන්නේ අත්අඩංගුවට ගත් මෙම යුවළ සමග සිටි කාන්තාව පස්මස් ගැබිනියක් වීමයි. ගැබිනි කාන්තාව කෙරෙහි පොලිසියේ අනුකම්පාව මිස ඇය ගැන සැකයක් ඇති නොවීම නිසාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මෙවන් ගැබිනි කාන්තාවන් යොදා ගන්නා බව නාවලපිටිය පොලිසිය කියයි.මෙම අඹු - සැමි යුවළ ගැන තොරතුරක් ලැබෙන්නේ නාවලපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශ ස්ථානාධිපති කුලතුංගටය. ඒ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකු මාර්ගයෙනි. "සර්... තරුණ ජෝඩුවක් තමයි ඕක කරන්නේ. ඒ දෙන්නා ඉන්නේ ගම්පොළ දොළොම්බාගෙ, මෝටර් බයික් එකෙන් ඇවිත් තමයි ලොකේෂන් තියන්නේ. ඒ ගෑනිට දරුවෙක් හම්බවෙන්න ඉන්නවා. ඉස්පිරිතාලෙට යන බව අගවන්න ක්ලින්ක් පොත අතේ අරන් තමයි යන්නේ. එතකොට සර් පොලිසියෙ අය මේයාලව සැකකරන්නේ නැහැනේ. ගම් පොළ ඉඳලා නාවලපිටියටම එනවා. ලොකේෂන් තිය තියා..."
ලද තොරතුර ගැන හොදින් අවධානය යොමු කළ ස්ථානාධිපතිවරයා මුලින්ම මෙම අඹු - සැමි යුවළ ගමන් කරන සතුරු පැදිය සහ එහි අංකය හොයා ගත්තේ තවත් නිලධාරීන් අවේක්ෂණ රාජකාරීයේ යොදවමින්ය.
"සර් හැමදාම මුන් දෙන්නා එන්නේ නැහැ. දවස් දෙකකට සැරයක් තමයි එන්නේ."
එම තොරතුරට අනුව නිලධාහු දිනක් මෙම යුවළ කොටුකර ගැනීමේ අදහසින් මහ රැක සිටියහ. ඒත් ඔවුන් එදින පැමිණියේ නැත. පසුගියදාද එලෙසම මග රැක සිටි නිලධාරීන්ට සැක සහිත යතුරු පැදිය නතර කර ගැනීමට හැකියාව ලැබිණි.
යතුරුපැදිය පිටුපස රූමත් කතකි. බැලූ බැල්මට ඇය ගැබිනියක් බව නිලධාරීන්ට පෙනේ. ඇය දෙකළවා මත සායනික පොත තබාගෙන සිටියාය.
"කොහේද යන්නේ?"
නිලධාරීන් ඇගෙන් විමසීය.
" අද ක්ලිනික් ඩේට් එක සර්... ක්ලිනික් එකට යන ගමන්.
ඇය කිසිදු බියක්, සැකයක් නැතිව කීවාය. ඒත් ලද තොරතුරු ගිවැරැදි බව
ස්ථානාධිපතිවරයා දන්නේය.
"හරී... පොඩක් බැහැලා එන්නකෝ... තමන් යන්න ජීප් එකට”
පොලිස් පරීක්ෂක කුලතුංග තරුණ කාන්තාව පොලිස් කොස්තාපල්වරියක් සමඟ ජීප් රිය තුළට යැවීය. ඒ ඇය සෝදිසි කිරීම සඳහාය. පොලිස් නිලධාරිනිය ඇගේ සිරුර සම්පුර්ණයෙන්ම සෝදිසියට ලක් කළාය. නිලධාරිනියද පුදුමයට පත් වූයේ එවිටය. තරුණ කාන්තාවගේ රහස් ප්‍රදේශය තුළත් පියයුරු යටත් තිබී කුඩා අයිස් පැකට් 17ක් නිලධාරිනියට හසු වූවාය.
"තමුසේ ක්ලිනික් යනවා කියලා බඩකුත් උස්සාගෙන මේක තමයි කරන්නේ නේද?' කාන්තාව නිරුත්තරය. ඇය හඩන්නට වූවාය. ඒ නිලධාර්තියගෙන් අනුකම්පාව දිනා ගැනීම සඳහාය. ඒ අතර ස්ථානාධිපතිවරයා ඇතුළු සෙසු නිලධාර්ක් සැකකාර පිරිමි පුද්ගලයා සෝදිසි කළහ. පුදුමයකි. සිය බිරිය සමග වෛද්‍ය සායනයට යන බව කී සැමියාගේ රහස් පෙදෙසින් තවත් අයිස් පැකට් 20කි.
"උඹලා දෙන්නට මේවා අරන්ද ක්ලිනික් යන්නේ”
එසේ කී නිලධාරීන් ඔවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළි වන්නේ සැකකරු මුස්ලිම් ජාතිකයකු වන බවත් කාන්තාව සිංහල ජාතික කාන්තාවක් බවත්ය. සැකකරු පවසන්නේ ඇය ඔහුගේ අනියම් බිරිය බවය.
"සර්... මේවා ඩුබායි තාරු කියන කෙනාගේ කියලයි අපිට කිව්වේ. අපි එයාව දැකලා නැහැ. එයාගේ බඩු බෙදන ගෝලයෙක් ඉන්නවා. එයා අපිට කෝල් කරලා තැන් තැන් කියනවා. එතැනට ගිහින් බඩු අරන් මෙන්න මේ තැන් වල පොඩි පැකට් ලොකේෂන් තියන්න කියලා. අපි දෙන්නම කළේ ඒක. "
සැකකාර සැමියා පොලිස් නිලධාරීන් ඉදිරියේ කීවේය.
"අපිට දවස් දෙකකට සැරයක් තමයි බඩු හම්බවෙන්නේ. එදාට මට අයිස් ග්‍රෑම් 5ක් හම්බ වෙනවා බොන්න. ඒක ගඟලා තමයි මම මෙයත් එක්ක බඩු බෙදන්න යන්නේ. එක පැකට් එකකින් අපිට රුපියල් දාහක් හම්බවෙනවා.
සැකකරු නිලධාරීට කීවේය. ඒ අනුව විමර්ශන නිලධාරීන් පවසන්නේ දිනකට රුපියල් පනස් දහසක පමණ මුදලක් කුඩු ලොකේෂන් තැබීමෙන් මොවුන් උපයාගන්නා බවය.
පැණිදෙණිය සිට නාවලපිටිය දක්වාම අයිස් මත්ද්‍රව්‍ය ලොකේෂන් ක්‍රමයට බෙදාහැරීම සිදුකර ඇත්තේ මෙම යුවළ විසින් බව නිලධාහු කීහ.
පැණිදෙණිය, ගම්පොළ, ඇත්ගාල, උල්පනේ, ගිනිගත්තේන සහ නාවලපිටිය මොවුන් අයිස් මත්ද්‍රව්‍ය ලොකේෂන් තබන මාර්ගය බව නිලධාරීන් හඳුනාගෙන ඇත.
"මෙයාලට දවස් දෙක තුනකට සැරයක් තමයි බඩු හම්බවෙන්නේ අපි හිතමු එක දවසකට පැකට් 0ක් ලොකේෂන් තියන්න ලැබුණොත් මෙයාලට කුඩු බෙදා හරින කෙනා කියනවා 55ක් තියලා ඉතිරි 5 උඹ ගනින් කියලා. ඒ පහෙන් දෙකක් මේ පුද්ගලයා බොනවා. අනෙක් තුන විකුණ ගන්නවා. ඕක තමයි කාලයක් තිස්සේ මේ දෙන්නා කරලා තියෙන්නේ.”
විමර්ශන නිලධාරියෙකු අවධාරණය කළේය. සැකකරු සහ සැකකාරිය නාවල පිටිය වැඩබලන මහෙස්ත්‍රාත් අම්ල මහතාට ඉදිරිපත් කර 22 හැවිරිදි සැමියාට දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර කාන්තාව මේ මස 15 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
රැඳවුම් නියෝග මත සැකකාර පිරිමි පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු මෙම අඹු - සැමි යුවළ පදිංචිව සිටි නිවාස දෙකක්ද පරීක්ෂාවට ලක් කෙරිණි.
ඒ අනුව පුස්සැල්ලාව පොලිස් වසමේ ගම්පොළ - දුනුකේඋල්ල මාර්ගයේ උඩුගම අංකෙළි පිටිය ප්‍රදේශයේ නිවෙසක් සහ ගම්පොළ දොළොස්ටාගෙ මාර්ගයේ සිංගපිටිය ප්‍රදේශයේ නිවෙසක්ද පරීක්ෂා කෙරුණු අතර එහි තිබී අයිස් පැකට්, ඒවා පැකට් කිරීම සඳහා යොදාගන්නා පොලිතින් කවර දහසකට ආසන්න සංඛ්‍යාවක් සහ විද්‍යුත් තරාදියක්ද නිලධාරීන් සොයාගනු ලැබීය.
සැකකරු විවාහ දෙකක් සිදු කරගෙන ඇති අතර විසිතුන් හැවිරිදි පළමු බිරියට මාස 15ක දරුවකුද සිටින බව පොලිසිය කියයි. එම විවාහ දෙකේම බිරින්දෑවරුන් සිංහල ජාතික කාන්තාවන් වේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(කීර්ති මෙන්ඩිස්)
Comments
Post a Comment
Your comment will be visible after approval