සියලු ආගම් මෙන් ම සංස්කෘතීන්ට ගරු කිරීම සහ ඒවාට නිසි වටිනාකමක් ලබා දීම, අධ්‍යාපන පද්ධතිය හරහා සමාජගත කිරීමේ වැදගත්කම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සංවිධානය කර තිබූ නවරාත්‍රී සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය, සුන්දරත්වය අගය කරමින්, ගීතිකා ගායනා කරමින් ආදරය සහ සතුට බෙදා දෙන මෙවැනි දිනයක දී එකමුතුකම සහ බෙදාහදාගැනීම වැනි යහපත් ආකල්ප පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ දමිළ පාසල් කටයුතු පිළිබඳ අංශය විසින් මෙම නවරාත්‍රී සැමරුම සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා ඇතුළුව අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අනෙකුත් නිලධාරීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval