driving-license-validity-period-to-be-extended-beyond-8-years

දැනට වසර අටක් ලෙස නියම කර ඇති රියැදුරු බලපත්‍රයක වලංගු කාලය, එම සීමාව ඉක්මවා සැලකිය යුතු කාලයකින් දීර්ඝ කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සැලසුම් සකස් කරමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.



මෙම ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම සඳහා අවශ්‍ය අධ්‍යයනයන් සිදු කර, ඊට අදාළ නිශ්චිත වැඩපිළිවෙළක් නිර්දේශ කිරීමේ කාර්යය සඳහා විශේෂ තාක්ෂණික ඇගයීම් කමිටුවක් ද මේ වන විට පත්කර ඇත.



යෝජිත වැඩපිළිවෙළට අනුව, පළමු වරට රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට අපේක්ෂා කරන අයැදුම්කරුවෙකුගේ වයස සහ ශාරීරික යෝග්‍යතාවය යන කරුණු පදනම් කරගනිමින් බලපත්‍රයේ වලංගු කාලය වසර අටකට වඩා දීර්ඝ කිරීමට අපේක්ෂා කෙරේ. මීට අමතරව, මැදිවියේ පසුවන, විශේෂයෙන් වයස අවුරුදු 40 ඉක්මවූ නව අයැදුම්කරුවන්ට මෙන්ම තම රියැදුරු බලපත්‍රය අලුත් කර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ද ගැළපෙන පරිදි වලංගු කාල සීමාව දීර්ඝ කිරීමට අවධානය යොමු වී ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

වසර 8 ක් නියමකරමින් රියදුරු බලපත් නිකුත් කිරීම ආරම්භවීමට පෙර සැහැල්ලු වාහන රියදුරු බලපත් ලබාගත් සැමට කල් ඉකුත්වීමේ කාලයක් නොමැතිව බලපත් නිකුත්කර තිබුණි.