gossiplanka image 1
ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (21) දිනයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණ අතර  පොලීසිය සඳහන් කරන්නේ, දැනට රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග ඇය පැවැත්වූ සබඳතා මුල් කරගනිමින් මෙම ප්‍රශ්න කිරීම සිදුකළ බවයි.
වතුර බෝතලයක්ද රැගෙන අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව වෙතට ගමන් කළ පියුමි එයද හිස්කර කටඋත්තර දී ආවේ පැය 3 කිනි.



වෙනදා මාධ්‍ය වෙත කැමැත්තෙන් ඉදිරිපත්ව තමන්ට සිදුවන්නේ අසාධාරණයක් බව කියමින් ක්‍රීම් ව්‍යාපාරය ගැන පුවත්මැවූ පියුමි ඊයේ මාධ්‍ය මගහරිමින් එතැනින් පිටව ගියේ බොරුවක්ද කියමිනි.
ඇයගෙන් මාධ්‍ය විමසද්දී ඇය දිගටම කිව්වේ තමා ආවේ පැමිණිල්ලක් කර යන්නට බවයි.
කෙසේ නමුත් පැමිණිල්ලක් කරන්නේ නම් ඇය නීතීඥයෙකු සමග පැමිණිය යුතුව තිබුණත් එසේ කර තිබුනේද නැත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීමකට අනුව, පියුමි හංසමාලි ඊයේ පෙරවරුවේ අදාළ අංශය හමුවේ පෙනී සිට එහිදී ඇයගෙන් පැය තුනකට අධික කාලයක් පුරා කෙහෙල්බද්දර පද්මේ සමග වන පතාල සබඳතා ප්‍රශ්න කිරීමට ලක්ව ඇති අතර එම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.


කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා සමග පැවැත්වූ සබඳතා සම්බන්ධයෙන් තවත් නිරූපිකාවන් සහ නිළියන් කිහිප දෙනෙකුගෙන්ම ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
පද්මේගේ ජංගම දුරකථනයේ පියුමි හංසමාලි සහ නිරූපිකාවන් කිහිප දෙනෙකු සමග පද්මේ පෙනී සිටින ඡායාරූප පවා තිබී ඇති අතර පියුමි - පද්මේ දෙදෙනා අතර දුරකථන සංවාදද සොයාගන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.
පියුමි හංසමාලි හදිසියේ ධනවත්වීම ගැන මුදල් විශුද්ධකරණ චෝදනා පවතින අතර ඇය ක්‍රීම් වර්ගයක් අලෙවි කර පොහොසත්වූ බව කීවත් එම බිල් පරීක්ෂා කිරීමේදී විශාල අලෙවියක් පෙන්නුම් කර නොතිබුණ බව පොලිසිය මින් පෙර පවසා තිබුණි.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි ගේ ගිණුම්වලට රු.කෝටි 400ක පමණ ප්‍රමාණයක් සංසරණය වී ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ජාතික ජනතා පක්ෂයේ ප්‍රචාරක ලේකම් සංජය මහවත්ත මහතා ඇයට අදාළ නඩුවේදී චෝදනා කර තිබුණි.
පියුමි හංසමාලිගේ අයථා ඉපයීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ සංජය මහවත්ත මහතා විසිනි.
ඒ අනුව බැංකු 08ක ගිණුම් 20ක උක්ත මුදල් ප්‍රමාණය සංසරණය වී ඇති බවත් මෙම කළු සල්ලි සුදු කරන ජාවාරම ගැන තොරතුරු නුදුරේදීම අනාවරණය වනු ඇති බව ඔහු පවසා තිබුණි.

ඇය පාතාල සබදතා පවත්වමින් පද්මේගේ මත්ද්‍රව්‍ය ජාවාරමට අනියමින් උදව් කර තිබුනේද ඒවා අලෙවියට දායකවූයේද යන සැක මත ඊයේ ප්‍රශ්න කර තිබුණ අතර වෙනදා මාධ්‍ය වෙත දක්වන විනිවිදභාවය නොපෙන්වා 'බොරුවක් කියා මාරුවීම' ගැනද ඇයගේ කල්ක්‍රියාව සැකයට භාජනය කර ඇත.

පියුමි බොරු කී හැටි පෙර විස්තරය
හැම එකම දාන්න ඕන නෑනේ අයියෙ - පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට