the-babys-parents-are-still-missing

මීට මාස තුනකට පමණ ඉහතදී මාවතගම, පරගහදෙනිය, ජාකඩුව මාර්ගයේ පිහිටි සිංහපුර කුඹුරු යායක දමා ගොස් සිටියදී සොයාගත් කුඩා දැරියගේ මව හෝ පියා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බව පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ දැරිය මේ වන විට මීගලෑව රජයේ ළමා නිවාසයේ රැකවරණය යටතේ ඉතා නිරෝගීව පසුවන බවයි.

පසුගිය ජූලි මස 17 වන දින උදෑසන 7.00 ට පමණ මාවතගම පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත මෙම දරුවා සොයාගෙන තිබිණි. ප



ොලිසිය මගින් දරුවා පළමුව මාවතගම මහ රෝහල වෙත භාර දීමෙන් අනතුරුව, මූලික ප්‍රතිකාර ලබා දීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යොමු කර ඇත. අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාරවලින් පසුව, දැරිය පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මීගලෑව ළමා නිවාසය වෙත භාර දීමට කටයුතු කර තිබේ.