case-against-cabraal-begins-for-allegedly-investing-money-in-greek-bonds-during-a-difficult-time-for-the-country

 හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවක් විභාග කිරීම සඳහා දෙසැම්බර් මස 17 වන දිනට කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක පැවති 2012 වසරේදී, ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම මගින් රුපියල් බිලියන 1.8 ඉක්මවූ පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත.





කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ මෙම නඩුව අද (10) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර පාර්ශ්වය අධිකරණයේ පෙනී සිටියහ. එහිදී විත්තියේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ, තමන් විසින් ඉල්ලා ඇති අත්‍යවශ්‍ය ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින් මෙතෙක් ලබා දී නොමැති බවයි.

ඊට ප්‍රතිචාර වශයෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට සහතික වූයේ, එම ලේඛන නොවැම්බර් මස 03 වන දිනට පෙර විත්තිය වෙත ලබා දීමට පියවර ගන්නා බවය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරුවරයා, නඩුවේ විභාගය දෙසැම්බර් මස 17 වන දින ආරම්භ කිරීමට දින නියම කළේය.