the-buddha-saw-that-kumari-was-being-slandered-and-became-angry-telling-her-that-she-was-also-taking-advantage-of-suda

පසුගියදා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති බලන්නට ගොස් 'බුදුන් දැක්කා වගේ' යයි ප්‍රසිද්ධ කථාවක් කිරීම නිසා විවිධ විවේචනයන්ට බඳුන්වූ ජැක්සන් ඇන්තනි බිරිය කුමාරි මුණසිංහ එම විවේචන ගැන කථාබහක් සිදුකළ සිය ටෙලි නාට්‍ය ක්ෂෙත්‍රයේම සුදත්ත තිලකසිරි මෙහෙයවන යූටියුබ් නාලිකාව අමතා දෝෂාරෝපණයක් සිදුකර තිබේ.
ඇය පවසා ඇත්තේ මහින්ද හිටපු ජනපතිතුමා දුටු අවස්ථාවේ තමාට නිකම්ම 'බුදුන් දැක්කා වගේ' යයි කියැවුණා ලෙසිනි.


එසේම ඇය සුදත්ත ගෙන් විමසා ඇත්තේ "මහින්දගෙන් ඔයාත් වාසි ගත්තානේ. ඔයාගෙ ටෙලි නාට්‍ය 5 ක් ම ටීවී එකේ ඇපෘ කරගත්තානෙ" ලෙසිනි.
මෙයට සිය නාලිකාවෙන් පිළිතුරු දෙන සුදත්ත පවසන්නේ තමාගේ ටෙලි නාට්‍ය අනුමත වූයේ රනිල් සමයේ බවකි.



කෙසේ වෙතත් කුමාරි තමාට බැණ වැදුනේ තම වීඩියෝව නරඹන්නේ නැතිව බවත් තමා ඒ ගැන විමසූ විට වෙනත් අයගෙන් අසා දැනගත් කරුනු මත මේ ගැන කතාකර තිබූ බවත් ඔහු පවසා ඇත.

පසුගිය 21 වනදා මැදමුලනට ගොස් මහින්ද හිටපු ජනපතිතුමා දැකීමෙන් පසු ජැක්සන් ඇන්තනි මහතාගේ බිරිය මෙසේ අදහස් දැක්වූවාය.

 "අද මේ ගමන මම ආවේ ඉතාම සතුටෙන් සහ මම පුන පුනා බලාගෙන හිටියා කවද්ද මේ ගමනේ එන්නේ කියලා.
ඉතින් ඇත්තටම එතුමා කරපු කී දේ අ කරලා කී දේට කරුණු ගුණ සලකන්න තමයි අද මම මෙතෙන්ට ආවේ.
ඉතාම සතුටුයි.
ඇත්තටම එතුමා දැක්කහම අපේ හිතේ තිබුණු හුඟාක් ගින්දර නිවිලා ගියා වගේ සැනසීමක් ඇති වුණා.
හරියට බුදුන් දැක්කා වගේ.
ඒ සම්ප්‍රදායේ මුල් තියෙන්නේ එතන අපේ ජාතියේ මුල් තියෙන්නේ එතන රටේ මුල් තියෙන්නේ එතන.
අද විශාල වශයෙන්ම පහර ගහන්නෙත් මේ සංස්කෘතියටයි.ඒක නැති කළොත් තමයි අපිට යට කරන්න පුළුවන් වෙන්නේ.
නමුත් ඒක නැති කරන්න දෙන්නෙත් නැහැ.
දෙන්න හම්බවෙන්නේත් නැහැ.
මහින්ද රාජපක්ෂ ගැන අපේ සංස්කෘතියේ මුදුන් මුලත් ජාතියේ වීරයෙක්.ආයේ පහළ වෙන්නෙත් නැහැ. අපිට ලැබෙන්නෙත් නැහැ.
අපේ ජීවිත වල වාසනාව උදා වුණා ඒ කාලේ ජීවත් වෙන්න.
මහින්ද මහත්තයාට මම සුභ ප්‍රාර්ථනා කරනවා.
චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා.
අපි සියලු දෙනා වෙනුවෙන් එතුමාට ජය වේවායි කියලත් මම ප්‍රාර්ථනා කරනවා."