කොළඹ රත්රන් වෙළෙඳපොළේ රන් මිලෙහි ශීඝ්‍ර වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි. පසුගිය සතියක කාලය තුළ රත්රන් පවුමක මිල රුපියල් 30,000 කින් පමණ ඉහළ ගොස් තිබීම විශේෂත්වයකි.
ඊයේ (8) දිනය වන විට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 3,42,500 ක් ලෙස සටහන් වූ අතර, කැරට් 22 රන් පවුමක් රුපියල් 3,13,950 කට අලෙවි විය. මෙම මිල ගණන් දෛනිකව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
පසුගිය සැප්තැම්බර් මස 22 වන දින වන විට කැරට් 22 රන් පවුමක මිල පැවතියේ රුපියල් 2,89,100 ක් ලෙසය. එසේම, එම මස 25 වන දින එම අගය රුපියල් 2,93,450 ක් දක්වා ඉහළ ගොස් තිබිණි.