badulla-ministers-son-caught-smoking-e-cigarette-chamara-sampath

 බදුල්ල දිස්ත්‍රික්කයේ පාසලකදී කැබිනට් අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු තවත් සිසුන් සිව් දෙනෙකු සමඟ ඊ-සිගරට් පානය කරමින් සිටියදී හසුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) හෙළිදරව් කළේය.





ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම කරුණු අනාවරණය කළේය. ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට තම දරුවන් හික්මවා ගැනීමට නොහැකි නම් පනත් සම්මත කරමින් රටක් පාලනය කරන්නේ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.

තවදුරටත් අදහස් දැක්වූ දසනායක මහතා, බදුල්ලේම වෙනත් විද්‍යාලයක ශිෂ්‍ය නායක මණ්ඩලයට තේරී පත් නොවීම හේතුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියක් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති බවද පැවසීය. එම සිදුවීම හමුවේ අසරණ වූ විදුහල්පතිවරයාට අවසානයේ ඇයව ශිෂ්‍ය නායක තනතුරට පත් කිරීමට සිදුවී ඇති බවද හෙතෙම සඳහන් කළේය.