
නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් "රැජින" ලකුණ සහිත ස්ටිකර් අලවා ඊසි-කෑෂ් ක්‍රමවේදය ඔස්සේ හෙරොයින් මත්කුඩු ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු දොරටියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී කුරුණෑගල, තෙලියාගොන්න, තක්කියා මාවතේ පදිංචිකරුවෙකු මෙලෙස අත්අඩංගුවට පත් වූ බව දොරටියාව පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව වීරසේකර මහතා තහවුරු කළේය.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක් සොයාගෙන ඇත. ඊට අමතරව, මත්කුඩු අලෙවිය සඳහා යොදාගත් මුද්දර ප්‍රමාණයේ "රැජින" ලකුණ මුද්‍රණය කරන ලද ස්ටිකර් දෙදහසක් (2000) ද පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජාවාරම ඉතා සූක්ෂම ලෙස නවීන ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරගෙන ගොස් ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත.
දොරටියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වැටලීම් අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක එච්. එස්. විජයමාන්න, පොලිස් සැරයන් 62117 රත්නායක සහ පොලිස් කොස්තාපල් 95247 විපුල කුමාර යන නිලධාරීන් මෙම වැටලීමට එක්වූහ. සිද්ධිය සම්බන්ධයෙන් වන වැඩිදුර විමර්ශන කටයුතු දොරටියාව පොලිසිය විසින් සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval