ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඇප මත මුදා හැරීමට අධිකරණය අද (ඔක්. 15) නියෝග කළේ ය.
සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මිලියන 4 ශරිර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මෙලෙස මුදා හැරිණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගැනිණි.
update 2 pm
හිටපු විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද දින අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් සටහන් කිරීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස අත්අඩංගුවට පත් වූ බව වාර්තා වේ.
පසුගිය රජය සමයේ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමේ වැඩසටහනකදී සිදු වූ බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු මෙසේ කැඳවා තිබිණි.
අල්ලස් කොමිසම මගින් තමන්ව අත්අඩංගුවට ගනු ලැබුවහොත් අපේක්ෂිත ඇප මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් ඊයේ දිනයේදී අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබුණි.

Comments
Post a Comment
Your comment will be visible after approval