කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියකු ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව බන්ධනාගාර නිලධාරීන් වෙත බුද්ධි තොරතුරක් ලැබී තිබුණි. එම තොරතුරට අනුව, අදාළ ඝාතනය සිදු කිරීම සඳහා සයනයිඩ් වස වර්ගයක් බන්ධනාගාරයේ 'ඒ' වාට්ටුව තුළට රැගෙන විත් ඇති බවට අනාවරණය වී ඇත.
මෙම තොරතුර මත වහා ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් පෙරේදා (13) දින සවස 5.00 ට පමණ එම වාට්ටුව ආශ්‍රිතව විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලදී.
එම සෝදිසියේදී, 'ඒ' වාට්ටුවේ තාප්පයක් අසල සූක්ෂ්ම ලෙස සඟවා තිබූ, සයනයිඩ් යැයි සැක කෙරෙන ද්‍රාවණයක් අඩංගු කුප්පියක් සොයා ගැනීමට නිලධාරීහු සමත් වූහ.
මෙම අතිශය විෂ සහිත ද්‍රව්‍යය බන්ධනාගාරය තුළට රැගෙන ආවේ කෙසේද යන්න හෙළි කර ගැනීම සඳහා කඩිනම් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
සොයාගත් කුප්පියේ අඩංගු ද්‍රාවණය සයනයිඩ් ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා වන පරීක්ෂණ සිදු කිරීමට එය බොරැල්ල පොලිසිය වෙත භාර දී තිබේ. එම පරීක්ෂණ මගින් එය සයනයිඩ් බවට තහවුරු වුවහොත්, මෙම ඝාතන සැලසුමේ ඉලක්කය වූයේ කුමන රැඳවියාද යන්න හඳුනා ගැනීම සඳහා විමර්ශන දියත් කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය ද ස්වාධීන විමර්ශනයක් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval