අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව, රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය බඳවාගැනීම් කිහිපයක් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම නව බඳවාගැනීම් සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ විශේෂ කමිටුවක නිර්දේශ පදනම් කරගෙනය. 2024 දෙසැම්බර් 30 වන දින කැබිනට් අනුමැතිය යටතේ, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම නිලධාරි කමිටුව පත් කරනු ලැබුවේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කර, අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනා ගැනීම සඳහාය.
ඒ අනුව, විවිධ අමාත්‍යාංශ විසින් සිය යටතේ පවතින ආයතනවල පුරප්පාඩු සම්පූර්ණ කිරීමට ඉදිරිපත් කළ ඉල්ලීම් එම කමිටුව විසින් සලකා බලා ඇත. එම සමාලෝචනයෙන් අනතුරුව, 2025 ඔක්තෝබර් 02 වන දින පැවති කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අග්‍රාමාත්‍යතුමිය මෙම යෝජනාව ඉදිරිපත් කළාය.
අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතාද මෙම කරුණ තහවුරු කළේය. එක් එක් අමාත්‍යාංශයට බඳවා ගැනීමට නියමිත සේවක සංඛ්‍යාවන් පිළිබඳව ද එහිදී අදහස් පළ විය.

Comments
Post a Comment
Your comment will be visible after approval