watagala-issues-warning-against-namal-for-not-filing-a-case-despite-showing-his-concerns-on-social-media

ශ්‍රී ලංකා පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් රුපියල් බිලියන 02ක වන්දි මුදලක් ඉල්ලා මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතාගේ උපදෙස් මත නීතිඥ මංජුල බාලසූරිය මහතා විසින් එන්තර වාසියක් යොමුකර තිබේ.



නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නීතිඥ සංඛ කරුණාරත්න මහතා විසින් 2025 සැප්තැම්බර් 10 වැනිදා සුනිල් වටගල මහතාගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා යොමු කළ එන්තර වාසියට ප්‍රතිචාර දක්වමින් 2025 සැප්තැම්බර් 22දා මෙම එන්තර වාසිය යොමුකර ඇත.



නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සංඛ කරුණාරත්න මහතා සුනිල් වටගල මහතාට එන්තර වාසියක් යොමුකර ඇත්තේ ඔහු විසින් මාධ්‍ය සාකච්ඡාවකදී කළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානිවූ බැවින් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලමිනි.

එයට අනුව ඊයේ 25 වනවිට නාමල් රාජපක්ෂ නඩු පැවරීමක් කළ යුතුව තිබුණ නමුත් එය හුදු සංදර්ශනාත්මක වාසි ලබාගැන්මේ ප්‍රචාරයක් බවට පත්කරමින් නාමල් පාර්ශ්වයෙන් කිසිදු නඩු පැවරීමක් සිදු නොවීය.



එම එන්තර වාසියට පිළිතුරු යොමු කරමින් සුනිල් වටගල මහතාගේ නීතිඥවරයා සඳහන් කර ඇත්තේ අපහාසාත්මක ප්‍රකාශයක් සිය සේවාදායකයා විසින් සිදුකර නොමැති බවය.

ඔබගේ සේවා දායකයා කීර්තියක් සහිත පුද්ගලයකු නොවන බවත් මේ වන විටත් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ක්‍රිෂ් ගනුදෙනුවේ දී රුපියල් මිලියන 70ක සාපරාධි සාවද්‍ය පරිහරණය සඳහා අධි චෝදනා ගොනුකර ඇති බවත් එහි සඳහන්ය.

ඔබගේ සේවාදායකයා කීර්තියක් නොමැති පුද්ගලයෙක් නොවන බැවින් කිසිදු ප්‍රකාශයකින් ඔහුගේ කීර්ති නාමයට හානියක් වී නොමැති බව ද එහි දැක්වේ. ඒ අනුව 2025 සැප්තැම්බර් 10 වැනිදා යොමුකර ඇති එන්තර වාසිය ප්‍රතික්ෂේප කරන බව ද එහි සඳහන්ය.


නඩු පැවරුවහොත් විත්තිවාචික ගොනු කරන බවත් හරස් ඉල්ලීම් සහිතව නඩුව හබ කරන බවත් වටගල ඇමතිවරයා දන්වා තිබුණි. එම නීති කෘත්‍යන්ට අදාළ සියලු නඩු ගාස්තු ඔබගේ සේවාදායකයාගෙන් අය කරගැනීමට අධිකරණයෙන් අයදින බව ද සඳහන්ය.



සිය සේවා දායකයාට එවූ එත්තරවාසිය ප්‍රචාරය කිරීමෙන් සිය සේවා දායකයා වන සුනිල් වටගල මහතාට අපහාසයක් වී ඇති බැවින් ඒ තුළින් ඔහුගේ කීර්ති නාමයට වූ හානිය සම්බන්ධයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් දින 07ක් තුළ ගෙවන ලෙස ද එහි දැක්වේ. මෙම එන්තර වාසිය යොමු කළ දිනයේ පටන් දින 07ක් තුළ එකී මුදල ගෙවීමට අපහොසත් වුවහොත් නිසි සිවිල් අධිකරණයක නඩු පැවරීමට සිය සේවාදායකයාගෙන් උපදෙස් ලැබී තිබෙන බව ද එහි වැඩිදුරටත් දැක්වේ.