නවතම ආරක්ෂක ලක්ෂණ ඇතුළත් කරමින් නවීන තාක්ෂණය භාවිතයෙන් සකස් කළ නව වාහන අංක තහඩු නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. නොවැම්බර් මස 15 වන දින වනවිට මෙම නව අංක තහඩු ලබාදීමට අපේක්ෂා කරන බව
අමාත්‍යවරයා අද දින පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.වර්තමානයේ වෙළෙඳපොළ තුළ අංක තහඩු නොමැතිව වාහන සැලකිය යුතු සංඛ්‍යාවක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා,
එම ගැටලුවට කඩිනම් විසඳුමක් ලෙස ලබන සතියේදී තාවකාලික ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවද කියා සිටියේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය වසර දහයක පමණ කාලයක් තිස්සේ කිසිදු දියුණුවක් ලබා නොතිබීමට හේතුවී ඇත්තේ, පෙර පැවති වෙළෙඳ සමාගම්වල ක්‍රියාකලාපය සහ දේශපාලන ක්ෂේත්‍රයේ පැවති දූෂිත හා වගකීම් විරහිතභාවය බවද බිමල් රත්නායක මහතා මෙහිදී චෝදනා කළේය.
මෙම වැඩපිළිවෙළට සමගාමීව, නවීන ලක්ෂණ සහිත නව රියදුරු බලපත්‍රයක් හඳුන්වා දීමටද කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval