පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පාසල් වේලාවන්හිදී ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය තාවකාලිකව අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගෙන තිබේ. මෙම නව නීතිය සැප්තැම්බර් 04 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ.
මෙම තීරණයට හේතුව වී ඇත්තේ, පසුගිය දිනෙක වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක පාසල් වෑන් රථයක් ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරයි. මෙම අනතුරෙන් පසු පැවති සාකච්ඡා වලින් පසුව මෙම වැදගත් පියවර ගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානී වීරකෝන් මහත්මිය ප්‍රකාශ කරයි.
නව නීතිරීතිවලට අනුව, පාසල් පැවැත්වෙන දිනවල උදෑසන 6.30 සිට 7.45 දක්වා සහ පස්වරු 11.30 සිට 2.30 දක්වා කාලය තුළ කිසිදු ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනයක් සිදු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
එම කාල සීමාව තුළ ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන වාහන මාර්ගයේ ප්‍රමාණවත් ඉඩකඩක් ඇති ස්ථානයක නවතා තැබිය යුතු බවද දීපානී වීරකෝන් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙම තීරණය මඟින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, මාර්ග තදබදය අවම කිරීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ පිළිබඳව දැනුවත් කිරීම් දැනටමත් ආරම්භ කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval