200-million-rupees-worth-of-cash-found-in-a-bag-left-at-the-katunayake-arrival-terminal

 කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ගමන් මලු පථයක් අසල දමා ගිය ගමන් මල්ලක තිබී රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.



මෙම ගමන් මල්ල ඉකුත් ජුනි 28 වැනි දින උදෑසන 9.45ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට රැගෙනවිත් ඇත.

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ක් සහ ග්‍රෑම් 900ක් ඇසුරුම් 19ක් ලෙස සකස් කර ගමන් මල්ල තුළ සඟවා තිබී ඇත.

මෙම ගමන් මල්ලේ හිමිකරු වන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.