ඊශ්‍රායලයේ වීසා නොමැතිව රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පන්දහසකට වීසා ලබා දීමේ උත්සාහයන් අසාර්ථක වී ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. පසුගිය රජයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය ඊට හේතු වූ බව ඔහු සඳහන් කරයි.
ඊශ්‍රායලයේ ලක්ෂ දෙකකට අධික ශ්‍රම හිඟයක් පවතින බවත්, විශේෂයෙන්ම ඉදිකිරීම් සහ හෝටල් ක්ෂේත්‍රවල රැකියා සඳහා ශ්‍රමිකයන් අවශ්‍ය බවත් තානාපතිවරයා පෙන්වා දෙයි. මේ වන විට ශ්‍රී ලාංකිකයන් විසිපන්දහසක් ඊශ්‍රායලයේ රැකියාවල නිරතව සිටින අතර, ලබන දෙසැම්බර් වන විට තවත් හාරදහසකට පමණ රැකියා අවස්ථා හිමිවනු ඇතැයි විශ්වාසය පළ කරයි.
නීතිවිරෝධී මිනිස් ජාවාරම්කරුවන් විසින් රැකියා ලබාදීම ගැටලුවක් බවත්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතැම් ශ්‍රී ලාංකිකයන් විවිධ ගැටලුවලට මුහුණ දී සිටින බවත් තානාපතිවරයා අනාවරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval