ස්වර්ණමාලී මහා සෑ රඳුන් වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන ආබාධ සහිත පුද්ගලයන්ගේ පහසුව තකා සකස් කර ඇති පාලම මත සිට අනවසරයෙන් ඩ්‍රෝන තාක්ෂණය භාවිත කරමින් චෛත්‍ය රාජයාණන් වීඩියෝගත කළ පුද්ගලයෙකු අනුරාධපුර උඩ මළුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිදුවීම පෙරේදා (17) රාත්‍රියේදී වාර්තා වී ඇත.
අත්අඩංගුවට පත් 32 හැවිරිදි සැකකරු කෝට්ටේ, මාදිවෙල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටියද,
ඔහුගේ ස්ථිර පදිංචිය බලන්ගොඩ ප්‍රදේශයේ බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිදරව් වී තිබේ. ඔහු මෙම ස්ථානයට පැමිණ ඇත්තේ ජා-ඇළ සහ රත්මලාන ප්‍රදේශවල පදිංචි තවත් 30 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු සමඟ බවද පොලීසිය පවසයි.
සැකකරු විසින් මහා සෑය අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවකින් රූගත කරමින් සිටිනු දුටු එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්, වහාම ක්‍රියාත්මක වී එම පුද්ගලයාව සහ ඩ්‍රෝන කැමරාව සිය භාරයට ගෙන ඇත. ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු අනුරාධපුර මූලස්ථාන පොලීසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval