
ශ්‍රී ලංකාව තුළ ක්‍රිප්ටෝ මුදල් භාවිතය සහ ගනුදෙනු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත නීතියක් සම්පාදනය කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. මුදල් ප්‍රතිපත්ති පිළිබඳව දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවක් අමතමින්,
මේ සම්බන්ධයෙන් නැගුණු පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.දැනට පවතින තත්ත්වය යටතේ කිසියම් දෙයක් නීති විරෝධී හෝ නීත්‍යනුකූල යැයි පැවසීමට නම් ඒ සඳහා පැහැදිලි නීතියක් පැවතිය යුතු බව පෙන්වා දුන් අධිපතිවරයා, ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් එවැනි නීතියක් නොමැති වීම ගැටලුකාරී තත්ත්වයක් බව පිළිගත්තේය. අනාගතයේදී යම් අවස්ථාවක මේ සඳහා නව නීති හඳුන්වා දීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය.
කෙසේ වෙතත්, ක්‍රිප්ටෝ මුදල් ආශ්‍රිත ගනුදෙනු සඳහා මෙරට බැංකු පද්ධතිය හරහා ගෙවීම් කිරීමට අවසරයක් නොමැති බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. ම
ෙම සම්පූර්ණ විෂය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කරන ලෙස මහ බැංකුව විසින් රජයට යෝජනා කර ඇති බවද ඔහු සඳහන් කළේය.
මෙය රජය විසින් ගතයුතු ප්‍රතිපත්තිමය තීරණයක් වන අතර, ඒ සම්බන්ධයෙන් පැවති මූලික සාකච්ඡාවලදී යම් එකඟතාවක් ගොඩනැගී ඇති බවද මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් වැඩිදුරටත් ඇඟවිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval