
විදුලිබල මණ්ඩල සේවකයින් විසින් දිවයින පුරා දියත් කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව, පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි සැපයුම අද දිනයේ අවස්ථා කිහිපයකදී අක්‍රීය වී තිබේ.
මෙම විදුලි බිඳවැටීම් මන්ත්‍රීවරුන් රැස්ව සිටින ප්‍රධාන සභා ගර්භයට බලපෑම් එල්ල කර නොතිබුණ ද, පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි සෙසු කාර්යාල සහ ස්ථාන රැසක විදුලිය මේ ආකාරයෙන් විටින් විට විසන්ධි වී ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ අනෙකුත් අංශයන්හි දෛනික රාජකාරී කටයුතුවලට බාධා එල්ල වූ බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහන් කළේය.