ඇල්ල දී සිදුවූ බස් රථ අනතුරට ප්‍රධාන හේතුව වී ඇත්තේ, වයස අවුරුදු 25ක් වූ බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත්කම බවට විශේෂ පොලිස් පරීක්ෂණ මගින් තොරතුරු අනාවරණය වී ඇතැයි අද දින විශේෂ මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දන්වා සිටියේය. අනතුරින් රියදුරු ඇතුළු පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මෙම අනතුර සිදුවූයේ පසුගිය සැප්තැම්බර් 4 වන දින රාත්‍රී 9:00ට පමණ ඇල්ල පොලිස් වසමේ රාවණ ඇල්ල මවුන්ට් හෙවන් හෝටලයේ සිට මීටර් 500ක් පමණ දුරිනි. රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මීටර් 350ක් පමණ වූ ප්‍රපාතයකට පෙරළී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ගමන් කරමින් සිටි මගීන් 14 දෙනෙකු සහ රියදුරු ජීවිතක්ෂයට පත් විය.
මොරටුව විශේෂ පරීක්ෂක කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, බදුල්ල හා බණ්ඩාරවෙල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුවේ. මෙම බස් රථය අනතුරට පත්වීමට පෙර ජීප් රථයක ගැටී ඇති බවත්, එයද අනතුරට එක් හේතුවක් වී ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval