
වියත්පුර නිවාස යෝජනා ක්‍රමයෙන් සහනදායී පදනම මත නිවාස ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 29 දෙනෙකුගේ නම් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීමට තීරණය කර ඇත්තේ අරගල සමයේ ඔවුන්ගේ නිවාසවලට හානි සිදු වූ නිසා බව රජය පවසයි.
මෙම නිවාස ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පසුගිය වසරේ ජූලි 15 වනදා අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව සාමාන්‍ය ජනතාවට රුපියල් මිලියන 15.5 සිට 22 දක්වා මිලකට අලෙවි කරන නිවාස ඒකක, මෙම මන්ත්‍රීවරුන්ට පිළිවෙලින් රුපියල් මිලියන 13.34 සහ 18.21 වැනි අඩු මිලකට ලබා දී ඇත. ඔවුන්ට විකුණුම් මිලෙන් සියයට 25ක් මුලින් ගෙවා ඉතිරි මුදල වසර 15ක් තුළ 10%ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ගෙවීමට අවස්ථාව ලබා දී තිබුණි.
මෙම ක්‍රමවේදය යටතේ මන්ත්‍රීවරුන් 29 දෙනා විසින් විකුණුම් මිලෙන් 25%ක මුදලක් 2024 දෙසැම්බර් 31 වන විට තැන්පත් කර ඇත.
කෙසේ වෙතත්, මෙම සහනදායී ක්‍රමය හේතුවෙන් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 92.126ක පමණ අලාභයක් සිදු වී ඇති බවට අනාවරණය වීමෙන් පසු එම සහනදායි ක්‍රමය අහෝසි කිරීමට වත්මන් කැබිනට් මණ්ඩලය පසුගිය සතියේ තීරණය කළේය.
ඒ අනුව, මෙම මන්ත්‍රීවරුන් 29 දෙනා එකඟ වන්නේ නම්, සාමාන්‍ය මහජනතාවට නිවාස ලබා දෙන මිල ගණන් යටතේ එම නිවාස මිලදී ගැනීමට අවස්ථාව ලබා දෙන බවට රජය දැනුම් දී තිබේ. එහෙත්, මෙම කොන්දේසි යටතේ නිවාස ලබා ගැනීම සඳහා ඔවුන් තවමත් නැවත ඉල්ලීම් කර නොමැති බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම නිවාස වෙන්කරගත් මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනය මෙසේය:
ප්‍රේම්නාත් සී දොළවත්ත, සුමිත් උඩුකුඹුර, සහන් ප්‍රදීප් විතාන, චින්තක අමල් මායාදුන්න, මිලාන් ජයතිලක, අසෝක ප්‍රියන්ත, ලලිත් වර්ණකුමාර, තිස්සකුට්ටිආරච්චිගේ චමින්ද ජනක, අජිත් රාජපක්ෂ, එච්.එම්.ඩී. බණ්ඩාර හේරත්, එස්.එම්.එම්. මුෂාරෆ්, කුමාරසිරි රත්නායක, පී.ඒ.කේ. අතුකෝරාළ, එස්.ඒ. සේමසිංහ, කුලසිංහම් දිලීපන්, නිමල් පියතිස්ස, ගාමිණී වළේබොඩ, මොහොමඩ් මුසම්මිල්, එස්.එම්. චන්ද්‍රසේන, අසංක නවරත්න, ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, පියල් නිශාන්ත ද සිල්වා, ඩී. වීරසිංහ, ශාන්ත බණ්ඩාර, අරුන්දික ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, රහීම් අලි සබ්රි සහ කාරියවසම් අතුකෝරාළගේ චමින්ද සම්පත්.
Comments
Post a Comment
Your comment will be visible after approval