පාසල් සිසුන්ට තීරුබදු රහිත විදෙස් දුම්වැටි අලෙවි කළ සූරියවැව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලීසිය සමත්ව තිබේ. මෙම ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ, එම දුම්වැටි මිලදී ගත් පාසල් සිසුවෙකු විසින් ඒවා වැඩි මිලට වෙනත් සිසුන්ට අලෙවි කිරීමේ සිදුවීමක් හරහාය.
තණමල්විල අධ්‍යාපන කලාපයේ ප්‍රධාන පාසලක 11 වන ශ්‍රේණියේ සිසුවෙකු විසින් ඇපල්, ස්ට්‍රෝබෙරි වැනි රස ගැන්වූ විදෙස් දුම්වැටි 9 වන ශ්‍රේණියේ සිසුන්ට අලෙවි කරන බවට විදුහල්පතිවරයා වෙත තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව සිදුකළ පරීක්ෂාවකදී එක් සිසුවෙකු සන්තකයේ තිබී එවැනි දුම්වැටි දෙකක් සොයා ගැනීමෙන් අනතුරුව විදුහල්පතිවරයා විසින් පොලීසිය දැනුවත් කර තිබේ.
විදුහල්පතිවරයා විසින් පොලීසියට ලබාදුන් තොරතුරු මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, එක් සිසුවෙකු තමන් සූරියවැව නගරයේ උපකාරක පන්තියකට යන අතරතුර බස් නැවතුම්පොළ පිටුපස පිහිටි වෙළෙඳසැලකින් මෙම දුම්වැටි මිලදී ගන්නා බවට හෙළිකර ඇත. සිසුවාගේ සහය ඇතිව අදාළ වෙළෙඳසැල වැටලූ පොලිස් නිලධාරීන්,
එහි තිබී විවිධ රසයන්ගෙන් යුත් විදෙස් දුම්වැටි 690ක් සහ ඒවා අලෙවි කිරීමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 388,590ක මුදලක් සිය භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 38 හැවිරිදි ව්‍යාපාරිකයා මීට පෙරද අවස්ථා කිහිපයකදීම මෙවැනිම චෝදනා මත අත්අඩංගුවට පත්වූවෙකු බව විමර්ශනවලදී හෙළිවී තිබේ. ඔහු රුපියල් 100කට අලෙවි කරන දුම්වැටිය, පාසල් සිසුවා විසින් රුපියල් 200ක මුදලකට අනෙක් සිසුන්ට අලෙවි කර ඇත. තණමල්විල පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු, වැඩිදුර විමර්ශන සහ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා සූරියවැව පොලීසිය වෙත භාරදී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval