
උඩුදුම්බර, හපුදඬුවල ප්‍රදේශයෙන් වාර්තා වන අතිශය සංවේදී සිදුවීමකින්, මවක් සිය දරුවන් තිදෙනාට වස පොවා අනතුරුව ඇයද වස පානය කර තිබේ. මෙම ඛේදවාචකයෙන් 32 හැවිරිදි මව ජීවිතක්ෂයට පත්ව ඇත.
වස පොවන ලද වයස අවුරුදු 12, 10 සහ 5 යන වයස්වල පසුවන ඇයගේ පුතුන් තිදෙනා මේ වන විට උඩුදුම්බර රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙලෙස මියගිය කාන්තාව මානසික පීඩන තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි බවට තොරතුරු වාර්තා වේ. මීට දින දෙකකට පෙර ඇයගේ 34 හැවිරිදි සැමියා ලියුකේමියා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබීම මෙම සිදුවීමට ආසන්නතම හේතුව වන්නට ඇතැයි සැක කෙරේ.
පොලීසිය පවසන්නේ මෙම දරුවන් තිදෙනා ද ලියුකේමියා රෝගයෙන් පීඩා විඳිමින් සිටින බවට තොරතුරු හෙළි වී ඇති බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval