මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂානී නමැත්තිය අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබන 25 වන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලදි.
එදින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර තිබේ.
ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද බව කියන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන සාජිකා ලක්ෂානි පත්තිනිගේ නමැත්තිය පසුගිය 4 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේ අද 18 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
මිද්දෙණිය උල්හිටියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි එම කාන්තාව
ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු යැයි කියන කෙහෙල්බද්දර පද්මේ සහ බැකෝ සමන් ලෙසින් හඳුන්වන ඇගේ සැමියා ඇතුළු අපරාධකරුවන් පස්දෙනකු සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකාරිය හා ඇගේ තුන් හැවිරිදි දරුවා ඔවුන් සමග අත්අඩංගුවට ගෙන තිබුණි. ඇයට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදනයක් නිකුත් කර නොතිබීම නිසා ඉන්දුනීසියානු පොලිසිය විසින් ඇය මුලින් නිදහස් කර වෙනම එවා තිබුූ නමුත් අපරාධ වලට සම්බන්ධිතව හැසිරීම නිසා ඇයගෙන් ප්‍රශ්න කිරීමට මෙරට පොලිසියට අවශ්‍ය විය.
මුලින් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රඳවා තබාගෙන මෙරටට එවූ එම සැකකාරිය පසුගිය 29 වැනිදා ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා විට පවුම් 40කට ආසන්න රන් ආභරණ ඇය පැළඳ සිට ඇති බවත් විදේශ රටක සැඟව සිටියදී ඇය හෝ ඇගේ සැමියා කිසිදු රැකියාවක් නොකළ බව අනාවරණය වී
තිබුණි.
එතරම් රන් ආභරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට නොහැකිවීම නිසා මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ
ඇයට එරෙහිව චෝදනා ගොනු කරන බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.
ඇය පසුගිය 4 වනදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇගේ තුන් හැවිරිදි දරුවා ද අධිකරණයට රැගෙන ඒමට පියවර ගෙන තිබූ අතර දරුවා යමකු භාරයට පත්කරන්නේදැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්ති කූඩුවේ සිටි එම සැකකාරියගෙන් විමසා සිටි විට දරුවාගේ සීයාට දරුවා භාරදීම කරන බව කී නමුත් අද ඇය නැවත දරුවාද සමග අධිකරණයට පැමිණීම විශේෂිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval