බස් රථවල ගමන්ගන්නා මගීන්ගේ ආරක්ෂාව හා නිසි නඩත්තුවක් මත බස් රථ දාවනයට අවස්තාව ලබාදීම පිණිස බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය නව නීති හඳුන්වා දී තිබේ. ඔවුන් පුවත්පත් වල පළ කර ඇති ඒ පිලිබඳ නිවේදනය පහතින්
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීය - බස්නාහිර පළාත
දැන්වීමයි !
සියලුම නිත්‍ය මගී සේවා අවසරපත්‍රලාභීන් වෙත,
බස්නාහිර පළාතේ පළාත් සභාවේ. 1992 අංක 01 දරන මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා (සංශෝධිත) ප්‍රඥප්තියේ විධිවිධාන යටතේ පනවා ඇති නිත්‍ය මගී සේවා අවසර පත්‍ර කොන්දේසි. නියමයන් හා ගිවිසුම් ප්‍රකාරව,
1. බස් රථයක් දින 07කට වඩා ධාවනය නොවන්නේ නම් ඒ සඳහා සාධාරණ හේතු දක්වා අදාළ බල ප්‍රදේශයේ ප්‍රාදේශීය කළමනකරු වෙත බස් රථය ධාවනයෙන් ඉවත්වී දින 07 ක් ඇතුළත ලිඛිතව දැන්විය යුතුය.
ii
ආපදා හා අනතුරු අලුත්වැඩියාවන් සඳහා මාස 02 කට වඩා කාලයක් ගතවන්නේ නම් බස් රථය ධාවනයෙන් ඉවත් කර සති 02 කට ප්‍රථම ඊට හේතු ප්‍රාදේශීය කළමනාකරු වෙත ලිඛිතව දැන්විය යුතුය.
iii ඉහත (i) හා (ii) අවස්ථාවන්හිදී තාවකාලිකව බස් රථය ධාවනයෙන් ඉවත්වන බව දන්වා මගී සේවා අවසර පත්‍රය පොත, මගී සේවා අවසර පත්‍ර ලේබලය සහ මාසික ධාවන සටහනේ පත්‍රය ප්‍රාදේශීය කළමනාකරු වෙත භාරදී ලදුපතක් ලබා ගත යුතුය.
iv. ඉහත කරුණු අංක (i) හා (ii) ට අනුව නැවත බස් රථ ධාවතයේ යෙදව්මට ප්‍රාදේශීය කළමනාකරු විසින් ලබා දෙන උපරිම කාලය, බස් රථය අවසන් වරට ධාවනය කළ දින සිට දින 90 කි.
V. කිසියම් හේතුවක් මත ඉහත පරිදි ලබා දී ඇති කාලය තවදුරටත් දීර්ඝ කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් වන ලිඛිත ඉල්ලීමක් මත ප්‍රාදේශීය කළමනාකාර තැනගේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවත) තැනගේ නිර්දේශය මත කාලය දීර්ඝ කිරීම හෝ නොකිරීම අධිකාරියේ සභාපතිවරයා විසින් සිදු කෙරේ.
vi මෙසේ බස් රථයක් ධාවනයෙන් ඉවත්වී නැවත ධාවනයට පැමිණීමට ලබා දෙන උපරිම සහන කාලය මාස 06ක් වන අතර, එම කාලයෙන් පසුව මගී සේවා අවසර පත්‍රය අවලංගු වන්නේය. එසේ වුවද, මගී සේවා අවසර පත්‍රලාභීයා. බස් රථය යළි ධාවනයේ යෙදවීමට මාස 06කට වැඩි කාල සීමාවක් අපේක්ෂා කරන්නේ නම් ඊට පාදක වූ කරුණු දක්වා මාස 06ක කාලය ඉකුත්වීමට පෙර අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර එහි සඳහන් කරුණු සම්බන්ධයෙන් අධිකාරිය සැහිමකට පත්වන්නේ නම් පමණක් උපරිම වශයෙන් අමතර මාස 03 ක කාලයක් ලබාදීම සලකා බැලේ.
විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ, සභාපති. මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය (බප),
2025.09.09

Comments
Post a Comment
Your comment will be visible after approval