rapper-who-buried-explosives-in-his-backyard-betrays-police

 පුපුරන ද්‍රව්‍ය තොගයක් සිය ගෙවත්තේ වළ දමා සඟවා තබා ගැනීමේ චෝදනාව මත ගායකයෙකු කහතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



 මීට දින කිහිපයකට පෙර ව්‍යාජ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි, "මධුවා" යන අන්වර්ථ නාමයෙන් ප්‍රකට රැප් ගායක මාධව ප්‍රසාද්, පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග නැවතත් කහතුඩුව පොලිසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
 සැප්තැම්බර් මස 1 වන දා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර,

සැකකරුගේ නිවසේ වළ දමා තිබූ ඇමෝනියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් දෙකක්, ජෙලග්නයිට් කූරු තුනක් සහ ඩෙටනේටර් පහක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිසිය වෙත සිදුකළ ප්‍රකාශයේදී, මෙම පුපුරන ද්‍රව්‍ය තොගය තමාට ලබා දුන්නේ ජනප්‍රිය රැප් ගායකයෙකු සහ දැනට මත්ද්‍රව්‍ය චෝදනාවකට රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු විසින් බව සැකකාර ගායකයා පවසා තිබේ. ඔවුන්ගේ උපදෙස් මත තමන් මෙම පුපුරන ද්‍රව්‍ය බෑගය මිදුලේ වළ දැමූ බවට ඔහු පාපොච්චාරණය කර ඇත.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයා, මීට පෙර කොටවිල පොලිස් ස්ථානයේ තිබූ ගිනි අවියක් සොරකම් කිරීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන වැඩ තහනමට ලක්වූවෙකු බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. කහතුඩුව පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

gossiplanka image 2