
කැලණිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ධනවත් පවුලක සිසුවෙකු ‘අයිස්’ මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 100ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. සැප්තැම්බර් මස 1 වන දා මධ්‍යම රාත්‍රියේ මහර හන්දියේදී කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
එදින රාත්‍රියේ මහර හන්දියේ සැකකටයුතු ලෙස රැඳී සිටි මෙම පාසල් සිසුවා, පොලිස් නිලධාරීන් විසින් ප්‍රශ්න කර පරීක්ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සිසුවා ‘අයිස්’ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙකු බවට පොලිසිය සැක පළ කරයි. ඔහුට මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයා සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

