රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා යන මහත්වරුන්ට සිය නිවෙස්වලින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, එම දෙදෙනා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් සලකා බලා මෙම අවසරය ලබා දුන් බවයි.රාජිත හා නිමල් යන දෙන්නාගේ බිරියන් පිළියෙල කරන ආහාර ඔවුනට අවශ්‍ය බවට දන්වා තිබුණි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම මගින් රජයට රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය පාඩුවක් සිදුකළේ යැයි එල්ල වී ඇති චෝදනාවකට අදාළවය.
ලබන 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නිමල් ලංසා මහතාට එරෙහිව නඩු පවරා ඇත්තේ, 2006 වසරේ පැවති පළාත් පාලන මැතිවරණ සමයේදී එවක මීගමුව උප නගරාධිපතිවරයාගේ නිවසට පහරදී අලාභහානි සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
Comments
Post a Comment
Your comment will be visible after approval